බාසල් ගෘහස්ත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව රොජර් ෆෙඩරර්ට

ස්විටර්සර්ලන්තයේ බාසල් ගෘහස්ත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව හිමිකර ගැනීමට ස්විට්සර්ලන්ත ක්‍රීඩක රොජර් ෆෙඩරර් ඊයේ(27) සමත් විය.

රොජර් ෆෙඩරර්  මෙම තරගාවලියේ ශූරතාව හිමිකර ගත් දසවන අවස්ථාව මෙයයි.

මෙවර බාසල් ගෘහස්ත ටෙනිස් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුනේ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ඕස්ට්‍රේලියාවේ අලෙක්ස් ඩි මිනෝර් අතරයි.

තරගය ආරම්භයේ සිටම කිසිඳු අභියෝගයකින් තොරව තරග කළ ෆෙඩරර් පළමු වටය ලකුණු 6ට 2ක් ලෙස ජයගත්තා.

දෙවන වටයත් ලකුණු 6ට 2ක් ලෙස පහසුවෙන් ජයගත් රොජර් ෆෙඩරර් සමස්ත තරගය ජයගත්තේ වට 2ට 0ක් ලෙසයි.

38 හැවිරිදි ෆෙඩරර් ජයගත් 103වන කේවල ටෙනිස් ශූරතාව ලෙස මෙය වාර්තා අතරට එක්විය.