සනත් ජයසුරිය අලූත් සෙල්ලමක

 

ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් නායක සනත් ජයසුරිය මෙරට ක‍්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේද නොමැකෙන නාමයක් රැන්දු ක‍්‍රීඩකයෙකි. ඔහු පසුගියදා යළිත් අලූත් සෙල්ලමකින් කරළියට පැමිණ තිබේ. ඉෂාර කොඩිකාරගේ මුහුණු පොතේ ඔහුම ගත් ඡයාරූපයකින් ඒ පිළිබඳව බොහෝ පාඨකයන්ට දැන ගන්නට ලැබුණි.
ශරීර යෝග්‍යතාව සම්බන්ධව දැඩි අවධානයක් යොමුකරන සනත් ජයසුරිය මේ දිනවල බොක්සිං ක‍්‍රීඩාවට පිවිස තිබේ. ඔහු තවම බොක්සිං තරගකරුවකු නොවුනද මේ යන විදිහට ඔහුට මයික් ටයිසන් කෙනෙකු වෙන්නට බැරි නැති බව පෙනෙන්නට තිබේ. ජයසුරිය සිය විනෝදය සහ ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් බොක්සිං පුහුණුවීම්වල යෙදෙන අයුරු සිත් ගන්නා සුළුය. එදා කි‍්‍රකට් වීරයකු වූ ඔහු අද බොක්සිං වළල්ලේ වීරයෙකු වෙයිද? යන්න අපි සැවොම බලා සිටිමු.