අයි.සී.සී.ය නීති අලුත් කරයි

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කරන ලද පන්දුවේ ඛේටය හේවත් කෙළ උපයෝගී කරගනිමින් පැහැය ලබා ගැනීම මින් ඉදිරියට කරනු ලබන කණ්ඩායමට එරෙහිව දඩුවම් ලකුණු පහක් ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබේ.
ඒ අනූව පන්දු රකින පිලේ යම් කිසි ක‍්‍රීඩකයකු විසින් පන්දුවේ සිතා මතා හෝ අත්වැරදීමකින් කෙළ උපයෝගී කරගතහොත් පිතිකරණයේ යෙදෙන පිළට අතිරේක ලකුණු පහක් හිමිවේ. අනිල් කුම්බ්ලේගේ සභාපතිත්වයෙන් රැුස්වු කමිටුවක් විසින් පන්දුවේ කෙළ උපයෝගී කර ගනිමින් ඔප දැමීම තහනම් කළද දහඩිය හෙවත් ලවණ භාවිතා කරමින් පන්දුව ඔප දැමීම තවදුරටත් කළ හැකිවේ.
අයි.සී.සී. ප‍්‍රධාන විධායක කමිටුව විසින් සංශෝධනය කරන ලද නව නීති රීති කඩා දමන ක‍්‍රීඩකයන් සහ කණ්ඩායම් වෙනුවෙන් ගනු ලබන තීරණ සම්බන්ධයෙන් අනුමතය ලබාදී තිබේ. මේ අතර 2002 වසරට පසුව ටෙස්ට් තරගවලදී මධ්‍යස්ථ නොවන විනිසුරුවන් සහභාගි වීමටද අවසර ලබාදී තිබේ. නමුත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අතිරේක තරග තීරකවරයකු විසින් තරගයේ යම් ගැටලූවක් පැන නැගුනහොත් මැදිහත් විය හැකි ක‍්‍රමවේදයක්ද සකස් කර තිබේ.
යම් කිසි ක‍්‍රීඩකයකුට ටෙස්ට් තරගයක් අතරතුරදී කෝවිඞ් 19 රෝගය ආසාධනය වන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔහු වෙනුවට ඒ හා සමාන දක්ෂතා ඇති වෙනත් ක‍්‍රීඩකයකු කණ්ඩායමට ආදේශ කළ හැකිය. උදාහරණයක් වශයෙන් පිතිකරුවකුට එවැනි රෝග ලක්ෂණ මතු වුයේනම් ඒ හා සමාන පිතිකරුවකුද පන්දු යවන්නෙකුනම් ඔහුට ආදේශ කළ හැකි පන්දු යවන්නකු කණ්ඩායමට ආදේශ කළ හැකිය. නමුත් එම ආදේශය සඳහා අවසන් තීන්දුව තරග තීරක විසින් ලබාදෙනු ලබයි.