ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාකිස්තානයේ ආරක්ෂාව සොයයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝම්බර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් ඊට පෙර එහි ආරක්ෂාව ගැන සහතිකයක් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් සිව්දෙනකු පාකිස්තානය බලා අද (06 දා* පිටත් කර යැවීමට නියමිතව තිබේ.
2009.03.03 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්තානයේ තරග කිරීමෙන් වැලකී සිටියේය. එම ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම තුවාල ලැබූ අතර එරට පොලිස් නිලධාරීන් හය දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනකුද ජීවිතක්ෂයට පත්විය.
අදාළ ප‍්‍රහාරයෙන් වසර දහයකට පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයේ යෑමට සාකච්ඡුා කර තිබුණද එහි ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නියෝජිතයන් සිව්දෙනකු දින හතරක කාලයක් එහි ගත කරනු ඇත. ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සමග ආරක්ෂක උපදේශක, ගුවන් හමුදාපති එයාර් චිෆ් මාෂල් රොෂාන් ගුණතිලක, ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ජාත්‍යන්තර තරග අංශ ප‍්‍රධානී චන්දිම මාපටුන සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ¥ෂණ විරෝධී සහ ආරක්ෂක සහාය කළමණාකරු පාලිත සෙනෙවිරත්න යන මහත්වරුන් පාකිස්තානයේ ආරක්ෂ තත්ත්වය සොයා බැලීමේ මෙරට නියෝජිතයන් වේ.
අදාළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නියෝජිතයන් පාකිස්තානයේ ආරක්ෂක ප‍්‍රධානීන් සහ තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගණවල තත්ත්වයද පරීක්‍ෂා කිරීමට නියමිතව තිබේ. ආරක්ෂක තත්ත්වය හොඳ බවට එම නියෝජිතයන් විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට සහතිකයක් ලබාදුනහොත් කරච්චි සහ ලාහෝර් නගරවල තරගාවලිය පැවැත්වීමට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය සූදානමින් සිටියි. එසේ නොවුණහොත් එම තරගාවලිය ඩුබායි නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පාකිස්තානයට ජාත්‍යන්තර කණ්ඩායම් තරග කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සහ අයි.සී.සී.ය ඊට සහතිකයක් ලබා නොදුන් පසුබිමක සිම්බාබ්වේ කණ්ඩායම පමණක් එරටදී ක‍්‍රිකට් තරගවලට සහභාගි විය. අනතුරුව ඉකුත් වසරේදී ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම සඳහා පාකිස්තානයට ගියේය. එම තරගාවලියට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි විය. මීට අමතරව පාකිස්තාන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්ද පසුගිය වසර දෙක තුළදී එරටදී පැවැත්වීමට හැකියාවක් ලැබී තිබේ.
කෙසේ වෙතත් පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එරට ජාත්‍යන්තර ක‍්‍රිකට් මෙහෙයුම් ප‍්‍රධානී සකීර් ඛාන්ද නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකාවේ පැමිණීම ඉතාමත් අපේක්ෂා සහගතව බලා සිටින බව සඳහන් කර සිටියි. ‘‘පාකිස්තානයේ දැන් ක‍්‍රිකට් තරග පවත්වන්න ආරක්ෂාව ඉතාමත් හොඳින් තියෙන බව අප විශ්වාස කරනවා. පසුගිය කාලයේ අපේ ආරක්ෂාව ඉතාමත් හොඳින් දියුණු වී තියෙනවා. සුපර් ලීග් තරගාවලියේ තරග අටක් පසුගිය කාලයේදී පැවැත්වුන්‍ා. එම තරගාවලියට පැමිණි විදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ආරක්ෂක පද්ධතිය ගැන සතුට ප‍්‍රකාශ කළා. ශ‍්‍රී ලංකාව පාකිස්තානයට ආවොත් ඒක අපිට ලොකු ශක්තියක්. අප හිතනවා ඔවුන් මෙහි තත්ත්වය තේරුම් ගනිවී කියලා.’ යනුවෙන් සකීර් ඛාන් සඳහන් කරයි.