ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ශතකය සඳුන් වීරක්කොඩිගෙන්

PORT ELIZABETH, SOUTH AFRICA - JANUARY 28: Sandun Weerakkody of Sri Lanka leaves the field during the 1st One Day International match between South Africa and Sri Lanka at St Georges Park on January 28, 2017 in Port Elizabeth, South Africa. (Photo by Richard Huggard/Gallo Images/Getty Images)

ශ‍්‍රී ලංකා පිතිකරුවකු ඉතිහාසයේ ලැබු වේගවත්ම ශතකය පළමු පෙළ අන්තර් සමාජ කි‍්‍රකට් තරගාවලියකදී වාර්තා කිරීමට සඳුන් වීරක්කොඩි සමත් විය. එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන වීරක්කොඩි බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 39 කදී ශතකයක් ලබා ගනිමින් අදාළ වාර්තාව පිිහිටුවීමට සමත් විය.
වීරක්කොඩි විසින් පළමු ලකුණු පනහ වැය කිරීමට පන්දු 24 ක් වැය කළද දෙවැනි ලකුණු පනහ වාර්තා කිරීමට වැය කරන ලද්දේ පන්දු 15 කි. ඔහුගේ ඉනිමට හයේ පහර නවයක් සහ හතරේ පහර දහයක් අන්තර්ගතවිය.
මෙම තරගයේ විශේෂත්වය වන්නේ බී.ආර්.සී. කණ්ඩායම පළමුවට පන්දුවට පහර දෙමින් පන්දුවාර 37.2 කදී සියලූ දෙනා දැවී ලබාගත්තේ ලකුණු 112 ක් පමණි. එහිදී සඳුන් වීරක්කොඩි විසින් නොදැවී ලකුණු 101 ක් ලබා ගැනීමට සමත්වෙද්දී තරගය ජය ගැනීම සඳහා ඔවුන්ට වැය වූයේ පන්දුවාර 9.2 ක් පමණි.
26 හැවිරිදි වියේ පසුවන වමත් පිතිකරුවකු වන සඳුන් වීරක්කොඩි ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග තුනකට ක‍්‍රීඩා කරමින් එක් අර්ධ ශතකයක් වාර්තා කර තිබේ. 2017 වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඔහු එක්දින වරම් ලැබු අතර එම තරගාවලියෙන් පසුව ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවුණි. වීරක්කොඩි පළමු පෙළ තුන් දින තරග 56 කදී ශතක 6 ක් සහ අර්ධ ශතක 12 ක් සමග මුළු ලකුණු 3230 ක් ලබා තිබේ.