ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ උපරිම සෙල්ලම පන්දු 156 යි – ඔස්ටේ‍්‍රලියානුවෝ තරගාවලියම දිනති

පාසල් කණ්ඩායමකටත් එහා ගිය දුර්වල පිතිකරණ රටාවක නිරත වූ ශ‍්‍රී ලංකා පිතිකරුවන් ඔස්ටේ‍්‍රලියාව සමග බි‍්‍රස්බේන් හී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලූ නවයක දැවැන්ත පරාජයක් ලබමින් තරගාවලිය කලින්ම 2-0 ක් වශයෙන් පරාජය උරුම කර ගත්තේය.
පළමු තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවුයේ ලකණු 99 ක් පමණි. මෙම තරගයේදීද යළිත් නීරස වු ශ‍්‍රි ලංකා පිතිකරුවන් නිකරුණේ කඩුලූ විසිකරමින් පන්දුවාර 19 කදී සියල්ලෝම දැවී ගියහ. කාසියේ වාසිය සමග පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ ශ‍්‍රී ලංකා පිතිකරුවන්ව ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් ඇද බැද තබා ගනිද්දී රිචඞ්සන් හැරුණු කොට අනෙක් පන්දු යවන්නන් සිව්දෙනාම කඩුලූ දෙක බැගින් දවා ගත්තේය.
ලකුණු 117ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඔස්ටේ‍්‍රලියානුවන්ගේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී ඒරොන් ෆින්ච් දැවී ගියද එතැන් සිට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට වෝනර්ගෙන් සහ ස්මිත්ගෙන් ගැලවීමක් නොලැබුණි. ඔවුන් දදෙනා විසින් නොබිදුනු ලකුණු 117 ක සබඳතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා පිල පරාජයට තල්ලූ කර දැමුවේ තවත් පන්දු 42 ක් ඉතිරිව තිබියදීය.
භානුක රාජපස්, ඕෂධ ප‍්‍රනාන්දු සහ ෂෙහාන් ජයසුරිය බංකුවේ සිටියදී ස්ථානය දිනාගත් කුසල් මෙන්ඩිස් ආ විගස උඩපන්දුවකින් ගැලවුනද යළිත් කඩුල්ල විසිකර දැමුවේ අනවබෝධයෙන් දුවන්නට ගොසිනි. ධනුෂ්ක ගුණතිලකගේද විශ්වාසවන්ත පිති ප‍්‍රහාරය ගිලිහි ගොස් තිබු අතර ඔහු එල්ල කරන පහරවල් බොහොමයක් යාර තිහේ සීමාවේ නතර විය. කෙසේ වෙතත් ගුණතිලක පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග ලකුු 21 ක් ලබා ගත්තේය.
අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 16 කදී එක් හතරේ පහරක් පමණක් එල්ල කළ අතර කුසල් පෙරේරා පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 27 ක් ලබා ගත්තේය. ගුණතිලක සහ පෙරේරා හැරුණුකොට අනෙක් ශ‍්‍රී ලංකා පිතිකරුවන් නව දෙනකුම ලබා තිබුණේ ලකුණු 48 ක් පමණි.
2017 වසරේදී උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල ඔස්ටේ‍්‍රලියානුවන්ගේ මව්බිමේදී විස්සයි විස්ස තරගාවලිය 2-0 ක් වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ අභිමානය සහ පාකිස්තානය පරාජය කිරීමේ මානසික තෘප්තියද මෙම තරගාවලි පරාජයත් සමග යළිත් යටපත්ව ගියේය. ඔස්ටේ‍්‍රලියානුවන් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ලද දෙවැනි විස්සයි විස්ස තරගාවලි ජයද මෙය වේ.
අවසන් වරට ඔස්ටේ‍්‍රලියානුවන් ශ‍්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගනු ලැබුවේ මීට තෙවසරකට පෙර එනම් 2016 වසරේදී ශ‍්‍රී ලංකාවේ පැවැති තරගාවලියයි. කෙසේ වෙතත් දෙරට මෙතෙක් මුණ ගැසුන විස්සයි විස්ස තරගාවලි පහෙන් තුනකම ජය ශී‍්‍ර ලංකාව සතුකරගෙන සිටියි.
ශ‍්‍රී ලංකා පිතිකරුවන් ආරම්භයේ සිටම දියත් කළ මන්දගාමී පිති ප‍්‍රහාරය හමුවේ පළමු පන්දුවාර 36 අවසනදී කඩුලූ දෙකක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 36 ක් පමණි. පන්දු 49 කදී ලකුණු පනහ ශ‍්‍රී ලංකා පිල වාර්තා කරන විටදී තෙවැනි කඩුල්ලද අහිමිව තිබුණි. දිගින් දිගටම ශ‍්‍රී ලංකා පිතිකරු බල ඇණිය එකා පසු පස දැවී යද්දී සියවැනි ලකුණ වාර්තා කිරීමට පන්දු 97 ක් වැයව තිබුනි.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකාව පන්දුවාර 19 කදී සියල්ල දැවී ලකුණු 117 යි. (ධනුෂ්ක ගුණතිලක 21, කුසල් මෙන්ඩිස් 01, අවිශ්ක ප‍්‍රනාන්දු 17, කුසල් පෙරේරා 27, නිරෝෂන් දික්වැල්ල 05, දසුන් ශානක 01, වනිඳු හසරංග 10, ඉසුරු උදාන 10, ලක්ෂාන් සඳකැන් 10, ලසිත් මාලිංග 09, නුවන් ප‍්‍රදීප් 02, ස්ටැන්ලේක් 23/2, සැම්පා 20/2, ආගර් 27/2 යි.*
ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර 13 කදී එක් කඩුල්ලකට ලකුණු 118 යි. (ඬේවිඞ් වෝනර් නොදැවී 60, ඒරොන් ෆින්ච් 00, ස්ටීවන් ස්මිත් නොදැවී 53, මාලිංග 23/1 යි.*