ක්‍රීඩාංගනයට ආ අලුත් අමුත්තා

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරගයේ සමාරම්භයට පාකිස්තාන් ජනාධිපති අරීෆ් අල්වි මහතා ප‍්‍රධාන ආරාධි අමුත්තා වශයෙන් පැමිණ සිටි අතර ඔහු විසින් ශ‍්‍රී ලංකා නායක දසුන් ශානකගේ ටී ෂර්ටයට අත්පළඳනාවක් ඇමුණුවේය.
පාකිස්තානයේ වෙසෙන පියයුරු පිළිකා රෝගීන්ට ආධාර පිණිස මෙම තරගයෙන් ලැබෙන මුදල් පරිත්‍යාග කරන බැවින් රෝස පැහැති පළඳනාවන් කණ්ඩායම් දෙකේම ක‍්‍රීඩකයන් විසින් පැළඳ සිටි අතර ක‍්‍රීඩා ලෝලීන්ටද අත් පටි 12500 ක් සහ ටී ෂර්ට් 750 ක් අළෙවි කර තිබුණි.