ශ‍්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව ඉතිහාසයේ පළමු විස්සයි විස්ස ශූරතාව දිනති

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම පාකිස්තානයේදී පෙරළිකාර සටනක නිරත වෙමින් දෙවැනි එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 35 ක ජයක් ලැබීමට ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී සමත් විය. ඒ අනූව ඉතිහාසයේ පළමු වරට පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස ශූරතාවක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබුණි.
ලකුණු 183 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානුවන්ව ලකුණු 147 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. පාකිස්තාන් ඉනිම බිද දැමීමේදී නුවන් ප‍්‍රදීප් ලකුණු 25 කට කඩුලූ 4 ක්ද ඉසුරු උදාන ලකුණු 38 කට කඩුලූ 2 ක් සහ වනිදු හසරංග ලකුණු 38 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.
27 හැවිරිදි භානුක රාජපක්ෂ මුල සිටම විශ්වාසවන්තව පිති ප‍්‍රහාරයේ යෙදෙමින් දැවැන්ත හයේ පහර හයකින් සහ හතරේ පහර හතරකින් පාකිස්තාන් පන්දු යවන්නන්ට සංග‍්‍රහ කිරීමට වගබලා ගත්තේය. සිය දෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කළ භානුක රාජපක්ෂ පන්දු 48 කදී දියත් කළ වේගවත් අර්ධ ශතක (77* ඉනිම නවතා දැමීමට සහදබ් ඛාන් සමත් විය. තරගයේ වීරයා වශයෙන්ද භානුක රාජපක්ෂ සම්මාන දිනා ගත්තේය.