ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා විනය විරෝධි ක්‍රියාවක….

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු විසින් කරන ලද විනය විරෝධී ක්‍රියාවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ඒ අනුව ගාල්ලේදී පැවැති එංගලන්ත පළමු ටෙස්ට් තරගය අතරතුරදී කොවිඩ් 19 වෛරසය පිළිබඳ සොයා බැලීමට පත්කර තිබූ වෛද්‍යවරියක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු මෙම සිද්ධියට මුල් වී ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
අදාළ වෛද්‍යවරිය එංගලන්තයේ පැවැති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියකටද සහභාගිවූ වෛද්‍යවරියකි. ඉකුත් දකුණු අප්‍රිකානු සංචාරයේදී එරට කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධවද සොයැ බැලීමට මෙම වෛද්‍යවරිය පිටත්ව ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එහිදීද ක්‍රීඩකයන් කිහිප දෙනකු සහ වෛද්‍යවරිය අතර පැවැති විනය විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් කලමනාකාරීත්වයට වාර්තා වී ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් සිදු නොකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මින් ඉදිරියට කාන්තා වෛද්‍යවරියන් සම්බන්ධ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. එහිදී කොවිඩ් 19 පරික්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කළ වෛද්‍යවරියකට සහ ඇය සමග සිටි ක්‍රීඩකයෙකුටද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. වර්තමානයේදී කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයෙකු සහ දිගින් දිගටම අසාර්ථකත්වයට පත්වන පිතිකරුවෙකුද මේ සම්බන්ධයෙන් කේෂ්ත්‍රයේ මාතෘකාවට බඳුන්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකරු වශයෙන් කටුයුතු කළ අසන්ත ද මෙල් මහතා එම තනතුරෙන් ඉවත්ව තිබේ.
ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයක් කිහිප දෙනකු විසින් කාඩ් සෙල්ලම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පසුගිය දිනවලදී විවිධ චෝදනා එල්ල විය. කණ්ඩායම් කලමනාකරුටද එහි වගකීම පැවරී ඇති බැවින් ඔහු එම තනතුරින් ඉවත් වීමට අදාළ සිද්ධීන් පාදක කොට ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් අසන්ත ද මෙල් මහතාගෙන් විමසීමක් කිරීමට අප උත්සාහ දැරුවද එය ව්‍යර්ථ වී ගියේය.
ක්‍රිකට් යනු විනයානුකූල ක්‍රීඩාවක් බවට ප්‍රසිද්ධව තිබියදී තරග පැවැත්වෙන අතරතුරදීත් තරග පැවැත්වෙන අතරතුරදීත් යම් යම් අශීලාචාර සිදුවීම් වර්ථමානයේ වාර්තා වීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අහිතකර තත්ත්වයක් බව කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් එංගලන්ත තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් හී දැඩි වෙනස්කම් සිදු කිරීමට ක්‍රීඩා ආමාත්‍ය නාමල් රජපක්ෂ මහතා තීරණය කර ඇත. එහිදී චෝදනා එල්ල වී ඇති ක්‍රීඩකයන්ට සහ තරග පරාජය සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයන්ට මෙන්ම ඉවත්වූ කලමනාකාරිත්වයටද, පරිපාලනයටද, කරුණු දැක්වීමට සිදුවනු ඇත.
අසන්ත ද මෙල් මහතා ක්‍රිකට් කලමනාකාරිත්වයෙන් ඉවත් වුවද ඔහු තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. එංගලන්ත සංචාරයෙන් පසු එම තනතුරද වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇත.