තායිවානයේ ප්‍රසිද්ධ කඳු නගින්නියක වූ “ගිගි වූ” ඇය ගමන් කළ කඳු මුදුනකින් ඇද වැටී මිය ගොස් ඇත. අන්තර්ජාලය තුල අතිශය ප්‍රසිද්ධ තරුවක් වූ 36 හැවරදි තායිවාන් ජාතික “ගිගි වූ” කඳු නැගීමේදී ඇයගේ ඇඳුම් විලාසිතාව බිකිනි ඇඳුම වීම නිසා The Bikini Hiker නමින් ප්‍රසිද්ධ වී තිබේ.
“මං සෑම කඳු මුදුනකදීම බිකිනියකින් සැරසී ජායාරූප ගන්නවා, දැනට මම කඳු මුදුන් 100 කට පමණ ගොඩවී තිබෙනවා. තවත් ගොඩවන්නට නියමිතව තිබෙනවා. කඳු මුදුන් 100 කට ගොඩවුවත් මට තියෙන්නේ බිකිනි ඇඳුම් 97 ක් පමණයි. කඳු මුදුන් තුනකට මම කිහිපයක් ඇන්දා. මේක මගේ හීනේ. මම ආසයි පරිසරය එක්ක ජීවත් වෙන්න. තායිවානය ලස්සන රටක්. කඳු මුදුන්, කඳු නිම්න බොහෝමයි. සමහරක් ඒවා ලස්සනයි. සමහරක් ඒවා අතිශය භායානකයි. අපි දැනගෙන මේවා තරණය කරන්න ඕනා.” යනුවෙන් වරක් ඇය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සභාගි වෙමින් කියා සිටියාය.
“ගිගි වූ” කඳු මුදුන් වලට ගොඩ වීමේන් අනතුරුව ජායාරූප ගැනීම පමණක් නොව එහි තිබෙන නොදිරන අපද්‍රව්‍ය පවා ඇය විසින් පහළට ගෙන ඒම සිරිතක් කොට ගෙන තිබුණි. එම නිසා ඇය වටා සමාජ ජාලා මාද්යතුල එක් රොක් වූ පිරිස අති විශාලය.
පසුගිය සෙනසුරාදා (19) ඇය තායිවානයේ යුෂාන් ජාතික උද්‍යානයේ තනිවම කඳු මුදුනක් තරණය කිරීම අරඹා තිබේ. එහෙත් ඇයගේ අවාසනාවකට ඇය එහිදී අඩි 65 ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබේ.
කෙසේ වෙතත් ඇය ඇයගේ ගමනේදීම මෙළොව හැර යාම සම්භන්ධව ඇගේ රසිකයන් බොහෝ සෙයින් කම්පාවට පත්ව ඇති අතර ඇගේ ජායාරූප මත ශෝක පනිවිඩ සමාජ මාද්යතුල තබා ඇත. “ඔබ කඳු අතරින් දිව්‍ය ලෝකය වෙත නොකියාම යන්න ඇති , දුන් දේට ස්තූතිය” කෙනෙකු එසේ ලියා තිබුණි.
ඇය කඳු මුදුන් මත හිඳ ගත් ජායාරූප කිහිපයක්…







සටහන : නුවන් ජයතිස්ස