බලපිටිය රේවත විද්‍යාලයේ චාමර ප්‍රියදර්ශන ඉණිමකදී කඩුලු 9 ක් දවාලයි.

සිංගර් කුසලානවයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය.

 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන සිංගර් කුසලානවයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී පන්දුවෙන් දස්කම් දැක්වූ බලපිටිය රේවත විද්‍යාලයේ වමත් පා දඟ පන්දු යවන චාමර ප්‍රියදර්ශන කෑගලු විද්‍යාලයට එරෙහිව දෙවැනි ඉනිමේදී ලකුණු 24කට කඩුලු 9ක් දවාලමින් මෙවර තරගවාරයේ ඉනිමකදී හොඳම පන්දු යැවීම වාර්තා කළේය. චාමර ප්‍රියදර්ශන තරගයේ ඉනිම දෙකේදී ලකුණු 50කට කඩුලු 14ක් දවාලීය.


    චාමර ප්‍රියදර්ශන

මෙම තරගවලදී කොළඹ නාලන්දා, කුරුණෑගල මලියදේව, තෝලංගමුව ඩඩ්ලි සේනානායක, බලපිටිය රේවත, මාතර රාහුල සහ කළුතර සිරිකුරුස යන කණ්ඩායම් ජය ලැබූහ.


මෙම තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ වමත් ආරම්භක පිතිකරු සුපුන් සුමනරත්න සහ අංක 3 දකුණත් පිතිකරු කවීන් බණ්ඩාර කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 273ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.
සුපුන් සුමනරත්න ලකුණු 175ක් රැස් කළ අතර, කවීන් බණ්ඩාර ලකුණු 122ක් රැස් කළේය.

මෙම තරගවලදී රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා),  දිල්හාර නානායක්කාර (කළුතර සිරිකුරුස), පසිඳු තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව), සසිත් මනුරංග (මාතර රාහුල), තිමිර චන්දික (මාතර රාහුල) සහ  ජනිඳු ශෂික (අනුරාධපුර මමවි) යන ක්‍රීඩකයින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

*බලපිටිය රේවත – කෑගලු විද්‍යාලය

කෑගලු විද්‍යාලය: පළමු ඉනිම – 99 (පන්දුවාර 46) පුලස්ති අතපත්තු 45, චාමර ප්‍රියදර්ශන 26/5, සහන් සංකල්ප 27/3,
රමේෂ් මධුසංක18/2                                                        
බලපිටිය රේවත: පළමු ඉනිම
 146 (පන්දුවාර 52) රමේෂ් මධුසංක 26, පුන්සර සඳරුවන් 31/3, පසිඳු බස්නායක 2/2, කළිඳු ජයරත්න 41/2
කෑගලු විද්‍යාලය: දෙවැනි ඉනිම –
75 (පන්දුවාර 40.5) රුචිර චාමර 24, චාමර ප්‍රියදර්ශන 24/9                                                        

බලපිටිය රේවත:
දෙවැනි ඉනිම
 30/1 (පන්දුවාර 4) චතුම් කාව්‍ය නොදැවී 27         

බලපිටිය රේවත විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

 

*කොළඹ නාලන්දා – රාජගිරිය ජනාධිපති

නාලන්දා : පළමු ඉණිම – 301/8 (පන්දුවාර 72.5) චමිඳු විජේසිංහ 89 , රවින් ද සිල්වා 78 , ලක්ෂිත රසාංජන 34 , දිල්හාර පොල්ගම්පළ 32,

කසුන් මලින්ද 44/2 , තෂික නිර්මාල් 71/2
ජනාධිපති : පළමු ඉණිම – 96 (පන්දුවාර 41.5) දිනෙත් නෙළුම්දෙනිය 24 , දිනෙත් සමරවීර 34/5 , කවීෂ් මධුරප්පෙරුම 12/3
ජනාධිපති : දෙවන ඉණිම – 172(පන්දුවාර49.1) ඉරංග හෂාන් 57, තෂික නිර්මාල් 38 , රවීන් ද සිල්වා 58/7

කොළඹ නාලන්දා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 38ක ජයක්.


*කුරුණෑගල මලියදේව – කොළඹ ඉසිපතන

ඉසිපතන: පළමු ඉනිම – 163 (පන්දුවාර 43.3) තෙවිඳු දික්වැල්ල 50, අශේන් ගුණවර්ධන 39, විදත් බටේපොල 27/4, මධුරංග නවීන් 32/4, නිකිල ධර්මදාස 35/2     

මලියදේව: පළමු ඉනිම  368/4 (පන්දුවාර 71) සුපුන් සුමනරත්න 175, කවින් බණ්ඩාර 122, විදත් බටේපොල 50, සවිඳු සත්සර 74/2                                                                    
ඉසිපතන: පළමු ඉනිම –
187 (පන්දුවාර 58) අශේන් ගුණවර්ධන 65, තෙවිඳු දික්වැල්ල 43, පසිඳු තෙන්නකෝන් 33/5, මධුරංග නවීන් 110/4          

කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 18ක ජයක්.

 

*තෝලංගමුව ඩඩ්ලි සේනානායක – අනුරාධපුර මමවි

අනුරාධපුර මමවි: පළමු ඉනිම – 46 (පන්දුවාර 27.4) මිහිඳු මධුෂාන් 9/4, රවිඳු මල්ෂාන් 8/2, කවිෂ්ක තරුෂ 12/2                     

ඩඩ්ලි සේනානායක: පළමු ඉනිම  89 (පන්දුවාර 29.3) අසිත ලක්ෂාන් 21, ජනිඳු ශෂික 11/6, ඉන්දික මධුෂාන් 20/2, රුසිත් ඩිල්ෂාන් 23/2                                                        
අනුරාධපුර මමවි: දෙවැනි ඉනිම –
97 (පන්දුවාර 38.2) ජනිඳු ශෂික 33, සුනෙත් දේවින්ද 25, කවිෂ්ක තරුෂ 25/4, මිහිඳු මධුෂාන් 26/3, කවිෂ්ක ක්‍රිෂාන් 12/2
ඩ්ලි සේනානායක: දෙවැනි ඉනිම
 57/4 (පන්දුවාර 15.4) මිහිඳු මධුෂාන් 20, ලක්නේෂ් රවින්ද 16/4                                         

තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

 

*කළුතර සිරිකුරුස – අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද

ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම – 92 (පන්දුවාර 29.2) ෂැරොන් ෂෙහාන් 20, හේෂාන් මිලක්ෂ 20, දිල්හාර නානායක්කාර 16/7, දිලක්ෂ කසුන් 24/2
සිරිකුරුස: පළමු ඉනිම
 109 (පන්දුවාර 27.1) සසංක නිර්මාල් 36, සමුදු ප්‍රමෝද් 16/3, විවිඳු ද සිල්වා 29/3, චමිඳු අනුෂ්ක 20/2, ෂැරොන්  ෂෙහාන් 26/2   

ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම – 123 (පන්දුවාර 38.5) ප්‍රවීන් අවිෂ්ක 33, හේෂාන් මිලක්ෂ 22, දිල්හාර නානායක්කාර 34/4, දිලක්ෂ කසුන් 22/2, සසංක නිර්මාල් 26/2                          
සිරිකුරුස: දෙවැනි ඉනිම
 108/9 (පන්දුවාර 33.1) දිල්හාර නානායක්කාර නොදැවී 31, ෂැරොන්  ෂෙහාන් 19/3, ශමිඳු අනුෂ්ක 30/3, සමුදු ප්‍රමෝද් 19/2  

කළුතර සිරිකුරුස විද්‍යාලයට එක් කඩුල්ලක ජයක්.

 

 

*මාතර රාහුල – යාපනය ශාන්ත ජෝන්

රාහුල: පළමු ඉනිම – 83 (පන්දුවාර 37.4) භාග්‍ය එදිරිවීර 2, සෙල්වතාස් ෂැරොන් 11/4, මර්‍ෆින් අභිනාෂ් 21/3, ටී. ඩිනෝෂන් 14/2                              ශාන්ත ජෝන්: පළමු ඉනිම  63 (පන්දුවාර 23.4) තිමිර චන්දික 18/6, පසිඳු අවිෂ්ක 3/2

රාහුල: දෙවැනි ඉනිම – 181 (පන්දුවාර 50.1) බිනර සංකේත් 37, සසිත් මනුරංග මර්‍ෆින් අභිනාෂ් 42/3, ටී. ඩිනෝෂන් 29/2
ශාන්ත ජෝන්: දෙවැනි ඉනිම
 38 (පන්දුවාර 15.4) සසිත් මනුරංග 18/6, තිමිර චන්දික 16/3

මාතර රාහුල විද්‍යාලයට ලකුණු 163ක ජයක්.