වොස්නියැකිට හිස් අතින්ම ආපසු ගෙදරට යන්න සිදුවේ-(වීඩීයෝ සහිතයි)

ඔස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා තරඟ බිමේ වමත් ශූරිය මෙන්ම වසර 2018 වර්ශයේදී ඔස්ට්‍රේලියානු විවෘත ශූරිය වූ ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි මෙවරත් සිය ශූරතාව රැක ගැනීමේ අපේක්ෂාව සමඟින් පිටියට පිවිසි නමුත් හිස් අතින්ම ඇයට ආපසු යන්නට වූවාය. ඒ මෙතෙක් තරඟාවලියේ සිදුවූ විශාලතම පෙරළිය කළ රුසියාවේ මාරියා ෂරපෝවා මෙල්බන් නුවර රිඩ් ලීවර් පිටියේදී ඊයේ (18) පැවැති තරඟයෙන් වොස්නියැකි ලකුණු 6-4ක් , 6-4ක් , සහ 6-3ක් ලෙස පරාජය කරමින් ය.

වොස්නියැකි තරඟාවලියෙන් එළියට ඇද දැමීමට ෂරපෝවාට පැය දෙකකුත් මිනිත්තු 24ක් ගත විය. මෙම ජයග්‍රහණයත් සමඟම ෂරපෝවා  මීළඟට ඇති අවසන් 16 දෙනාගේ වටයේදී තරඟ වැදීමට නියමිතව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බර්ටි සමගිනි. ඈෂ්ලි බර්ටි අවසාන 16 දෙනාගේ වටයට තේරීපත් උනේ ග්‍රීසියේ මරියා සක්කාරීව ලකුණු  7-5 ක් සහ 6-1ක් ලෙස  පත් කරමින් ය.
වොස්නියැකි පරාජය කිරීමෙන් අනතුරුව ෂරපෝවා ඊලඟ තරඟය ගැන මාධ්‍ය වෙත කියා සිටියේ “මං හිතන්නේ ඇයට (ඈෂ්ලිට) ආශ්චර්වත් කථාවක් තියෙනවා. ඇය කොහොමත් මේ පිටියේ සෙල්ලම් කරන්න ආසයිලු. ඒයා එක්ක ඊලඟ තරඟය අමාරු වෙනවා කියලා මම දන්නවා. ඒත් ඉතිං මම මෙහේ ආවේ සෙල්ලම් කරලා දිනන්න නේ. අපි බලමු.” යයි මීට පෙර පස් වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා ඇති ෂරපෝවා මීලඟ තරඟය ගැන බලාපොරොත්තු ගොඩනගා ගත්තේ එලෙසය.
අවසන් වතාවට 2014 දී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුල දිනා ගැනීමෙන් පසුව අද දක්වාම ෂරපෝවාට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක් දිනා ගැනීමට හැකි වූයේ නැත. ” ගිය අවුරුද්දේ මම වැඩිය තරඟ වලට සහභාගි උනේ නැහැ විශේෂයෙන් ඉදිරිපෙළ ක්‍රීඩීකාවන් සමඟ. ඒ නිසා මේ ජයග්‍රහණය මට තෑග්ගක් වගේ” තහනම් උත්තේජන බාවිතය නිසා මාස 15ක තරඟ තහනමකට ලක්වූ ෂරපෝවා පැවසුවාය.
“මට වැඩිය සටනක් තිබුනේ නෑ. ඇත්තටම වුණේ පීඩනය වැඩිවීම පමණයි.” සිය පරාජයෙන් පසුව වොස්නියැකි පැවසුවාය.” ටෙනිස් ක්‍රීඩාවේ තරඟයක් අතරතුරදී ඔබට ඉන්නේ ඔබ පමණයි. උපරිම අයුරින් ක්‍රීඩා කරන්න සිද්ධවෙනවා. සමහර දවස් වලට දිනනවා. තවත් සමහර දවස් වලට පරදිනවා. අද මට උපරිම විදියට සෙල්ලම් කළා. ඒත් ඇය (ෂරපෝවා) අද මට වඩා දක්ෂ වුණා” යැයි වොස්නියැකි වැඩිදුරටත් කීවාය.
මේ අතර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කුසලනය හය වරක් දිනා ඇති ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ඊයේ දිනයේදී ඇමරිකාවේ ටේලර් ෆ්‍රිස්ට් ලකුණු 6-2 ක් , 7-5 ක් සහ 6-2 ක්  ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනා අතරට එක් වීමට සමත් විය. ඒ හා සමගාමීව ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් අවසන් 16 දෙනාගේ වටයට එක්වූයේ ඔස්ට්‍රේලියාවේ ඇලෙක්ස් ඩී මිනෝර් ලකුණු 6-1 ක්, 6-2 ක් සහ 6-4 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙම තරඟයේදී දෛවෝපගත කාරණය නම් නඩාල් සහ මිනෝර් දෙදනා අවසන් වරට මුණගැසුණේ පසුගිය විම්බල්ඩන් තරඟාවලියේදීම හා එහිදී නඩාල් තරඟය ජය ගත්තේද ඊයේ (18) ලැබූ ලකුණු ප්‍රමාණයමද ලබා ගනිමින් වීම විශේෂත්වයකි.


මාරියා ෂරපෝවා 

කැරොලින් වොස්නියැකි සහ මාරියා ෂරපෝවා අතර තරඟයේ විශේෂ අවස්ථා පහතින්

සටහන : නුවන් ජයතිස්ස