පැරා ශූර දිනේෂ්ට ලක්ෂ 42 ක්

ඉකුත් වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ලෝක පැරා මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ‍්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් දිනේෂ් ප‍්‍රියන්ත හේරත් හට රුපියල් ලක්ෂ 42 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වත්මන් ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා තීරණය කළ අතර එම ත්‍යාගය ඊයේ (14 දා) ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පිරිනමන ලදී.
දිනේෂ් ප‍්‍රියන්ත විසින් ලෝක පැරා මලල ක‍්‍රීඩා තරගාවලියේදී එෆ්.46 (එක් අතක් අහිමි) ඉසව්ව නියෝජනය කරමින් මී.60.59 ක දුරක් හෙල්ල විසිකරමින් රිදී පදක්කම ශ‍්‍රී ලංකාවට දිනා දීමට සමත් විය. අදාළ ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ සුන්දර් ගුර්රාජ්ට හිමිවූ අතර ඔහු මී.61.22 ක දක්ෂතාක් දක්වන ලදී.
2016 දී බ‍්‍රසීලයේ පැවැති පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී දිනේෂ් විසින් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් අතර ඔහුට ඒ වෙනුවෙන්ද කී‍්‍රඩා අරමුදලින් රුපියල් ලක්ෂ 15 ක් සහ රජයෙන් රුපියල් ලක්ෂ 25 ක් වශයෙන් මුදල් ත්‍යාග හිමිවිය.