ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස්වෙන තැන් වෙනස් වී නැහැ – නික් පෝතාස් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස් වන තැන් වෙනස්වී නැති බවත් ක්‍රීඩකයන් ඉක්මනින් ඉගෙන නොගන්නා බවත් වැඩබලන පුහුණුකරු නික් පෝතාස් ඉන්දියාව සමග එක්දින තරගාවලි පරාජයෙන් පසුව පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
ටෙස්ට් තරග ගැන නෙමෙයි මම මේ කියන්නෙ. මොකද ටෙස්ට් තරගවලදී කණ්ඩායම ඉගෙන ගත්තත් එක්දින තරගවලදී ඉගෙන ගෙන නැහැ. එකම වරද ඔවුන් දිගින් දිගටම කරනවා. පාර වෙනස් වුණත් තවම යන්නෙ එකම බසයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් වල වෙනස්වී නැති තැන් තියෙනවා ඒකට මම ළග උත්තර නැහැ. කොහොම වුණත් අලූත් පුහුණුකරු චන්දික හතුරුසිංහට මම උපරිම සහය දෙනවා. ඔහු සමග වැඩ කිරීමට ලැබීමත් සතුටක්.Z යැයි නික් පෝතාස් පවසයි.