මීටර් 1500 ලෝක වාර්තාවක්

මීටර් 1500 ඔලිම්පික් ශූර නෝර්වීජියානු ජාතික ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ස්ටන් එම ඉසව්වේ ගෘහස්ථ ක්‍රීඩා ලෝක වාර්තාවක් පිහිටුවයි.

ප්‍රංසයේ ලයිවෙන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ලෝක ගෘහස්ථ ක්‍රීඩා උලෙළකදී ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ස්ටන් මීටර් 1500 මිනිත්තු 3:30.60කින් නිම කොට මේ ලෝක වාර්තාව පිහිටුවීය. තවමත් 21 වැනි වියේ පසු වන ජාකොබ් මේ ඉසව්වේ යුරෝපීය ශූරයාද වේ.

මෙයට පෙර මීටර් 1500 ගෘහස්ථ ක්‍රීඩා හොඳම කාලය විනිත්තු 3:33.70කින් ඉතියෝපියාවේ සැමුවෙල් ටෙෆේරා වාර්තා කොට තිබිණි.