2018 පාපන්දු ලෝක කුසලාන ප්‍රතිවාදීන් නම් කරයි

2018 පාපන්දු ලෝක කුසලානය රුසියාවේදී පැවැත්වීමට නියමිතය. රටවල් 32 ක් තරග වදින මෙම ලෝක කුසලානයේ ප්‍රතිවාදීන් නම් කිරීම ඊයේ (01 දා) රාත්‍රීයේදී සිදුකෙරිණි. එහිදී ලොව මිලියන සංඛ්‍යාත ජනතාව බලා සිටි ප්‍රතිවාදීන් නම් කරද්දී සමාරම්භක තරගයට සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය සුදුසුකම් ලැබීය. එම තරගය ලබන වසරේදී ජුනි 14 වැනිදා මොස්කව් නුවර ලූසින්කි කී්‍රඩාංගණයේදී පැවැත්වේ.
21 වැනි පාපන්දු ලෝක ශ+රතාව ලබන වසරේ ජුනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ නගර 11 කදී ක්‍රීඩාංගණ 12 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර 2010 වසරේ දෙසැම්බර් 2 වැනිදා අදාළ සත්කාරත්වය රුසියාවට හිමිවිය. අවසන් මහා තරගය සමග සමස්ත තරග 64 ක් පැවැත්වේ. අවසන් වරට ජර්මනිය විසින් දිනා ගන්නා ලදී.
2018 පාපන්දු ලෝක කුසලාන සමස්ත ජයග්‍රහණ සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 කි. එහිදී ශ+රතාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 38 ක්ද, අනුශ+රතාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 28 ක්ද, තෙවැනි ස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 24 ක්ද වෙන්කර තිබේ. සිව්වැනි ස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 22 ක්ද පස්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 64 ක් ඛෙදී යයි. නව වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 96 ක් වෙන්කර ඇති අතර 17 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වා වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 128 කි.

එක් එක් කාණ්ඩවල කණ්ඩායම් ඛෙදී ඇති ආකාරය
‘ඒ’ කාණ්ඩය
රුසියාව, සෞදි අරාබිය, ඊජිප්තුව, උරුගුවේ
‘බී’ කාණ්ඩය
පෘතුගාලය, ස්පාඤ්ඤය, මොරොක්කෝව, ඉරානය
‘සී’ කාණ්ඩය
ප්‍රංශය, ඔස්ටේ්‍රලියාව, පේරු රාජ්‍ය, ඩෙන්මාර්කය
‘ඩී’ කාණ්ඩය
ආර්ජන්ටිනාව, අයිස්ලන්තය, ක්රොඒෂියාව, නයිජිරියාව
‘ඊ’ කාණ්ඩය
බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, කොස්ටරිකා, සර්බියාව
‘එෆ්’ කාණ්ඩය
ජර්මනිය, ස්වීඩනය, මෙකිස්කෝව, දකුණු කොරියාව
‘ජී’ කාණ්ඩය
ඛෙල්ජියම, පැනමා, ටියුනීසියාව, එංගලන්තය
‘එච්’ කාණ්ඩය
පෝලන්තය, සෙනගල්, කොලොම්බියාව, ජපානය