කෝලිලා ශ්‍රී ලංකාව රිදවති

Indian batsman and team captain Virat Kohli raises his bat after scoring a century (100 runs) during the first day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 2, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලි හිදී ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමුව පිති ප්‍රහාරය දියත් කරන ඉන්දියානුවන් කඩුලූ 04 ක් දැවී ලකුණු 371 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.
ඉන්දියානුවන්ගේ පළමු කඩුලූ දෙක මුළු ලකුණු සංඛ්‍යාව 78 කදී දැවී ගියද මුරලි විෙජ් සහ විරාට් කෝලි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් තෙවැනි කඩුල්ලට ලකුණු 293 ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ. නාග්පූර් හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී මුරලි විෙජ් ශතකයක් සහ විරාට් කෝලි ද්විත්ව ශතකයක් ලබා ගත් අතර මෙම තරගයේදී ඔවුන් දෙදෙනාම යළිත් ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකාව දැඩි වෙහෙසකට අද දැමුවේය.
විරාට් කෝලි ඊයේ ලබා ගත්තේ ඔහුගේ 20 වැනි ටෙස්ට් ශතකය වන අතර මුරලි විෙජ් ලබා ගත්තේ ඔහුගේ 11 වැනි ටෙස්ට් ශතකය වේ. පළමු දිනය අහවර වීමට භාගයක් තිබියදී ලක‍ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ මුරලි විෙජ් ස්ටම්ප් කිරීමකට හසුවු අතර අනතුරුව පැමිණි අජින්කෙයා රහනේද ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට ලක‍ෂාන් සඳකැන්ගේ චයිනමන් පන්දුව සමත් විය.
දිනය නිමා වන විට විරාට් කෝලි පන්දු 186 කදී හතරේ පහර 16 ක් සමග නොදැවී ලකුණු 156 ක් ලබා සිටි අතර රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 6 ක් ලබා සිටියේය. ඉන්දියානු පිතිකරු බල ඇණියේ යමක් කළ පිතිකරුවන් ලෙස රවීචන්ද්‍රන් අශ්වින්, රිදීමන් සහ රවීන්ද්‍ර ජදේජා තවමත් ක්‍රීඩාගාරයේ පසුවේ.

ලකුණු පුවරුව
ඉන්දියාව පළමු ඉනිම
මුරලි විෙජ්                          155
ෂිකර් ධවාන්                         23
චෙස්ටවර් පුජාරා                  23
විරාට් කෝලි නොදැවී         156
අජින්කෙයා රහනේ              01
රෝහිත් ෂර්මා නොදැවී         06
එකතුව පන්දු ඕවර 90 කදී කඩුලූ 4ට ලකුණු 371
ලක්මාල් – 14 2 50 0 ගමගේ – 17 6 68 1
පෙරේරා – 21 0 97 1 සඳකැන් – 23 1 110 2
ධනංජය – 15 045 0

Indian batsman and team captain Virat Kohli raises his bat after scoring a century (100 runs) during the first day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 2, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT