‘සංගා’ ගහපු ඩෙකෑන් චාජර්ස්ට ඩොලර් මිලියන 650 ක වන්දියක්

ලොව ප‍්‍රධානතම පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලෙස හැඳින්වෙන අයි.පී.එල්. තරගාවලිය ක‍්‍රීඩා කළ ඩෙකෑන් චාජර්ස් කණ්ඩායමට ඉන්දියානු රුපියල් කෝටි 4800 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 650 කට ආසන්න වන්දි මුදලක් ලබාදීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට සිදුව තිබේ.
අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනා ගත් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට කුමාර් සංගක්කාරද සමත් වූ අතර ඔහු විටෙක එම කණ්ඩායමේ නායකයා වශයෙන්ද කී‍්‍රඩා කර තිබේ. කෙසේ වෙතත් 2012 දී ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් මූල්‍ය අක‍්‍රමිකතාවක් සඳහන් කරමින් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් කිරීම හේතුවෙන් මෙම වන්දි මුදලට ගෙවීමට සිදුව තිබේ.
මුම්බායි හී පැවැති මහාධිකරණයකදී වසර අටක් පුරා විභාග වු මෙම නඩු තීන්දුව පසුගියදා ලබාදුන් අතර එහිදී ඉන්දියානු රුපියල් බිලියන 48 ක් සහ ඊට අතරව තවත් බිලියන 80 කට ආසන්න මුදලක් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායමට ගෙවීමට අධිකරණය විසින් ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය නියෝග කර තිබේ.
ඩෙකෑන් චාජර්ස් කණ්ඩායමේ අයිතිකරුවන් වන්නේ ක්‍රොනිකල් හෝල්ඩින්ග්ස් ආයතනයයි. කෙසේ වෙතත් ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ‘‘අපට තවමත් විනිශ්චයේ පිටපතක් ලැබී නැහැ. එය කියවීමෙන් පසුව අපි ඊළඟ සැලැස්ම තීරණය කරනවා.’’ යනුවෙ