අවිශ්කලාගේ නොවිසඳුනු ප‍්‍රශ්නයට ක‍්‍රීඩා අමාත්‍යාංශය පිළිතුරු සොයයි

කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නොහැකි වුවත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිල විසින් යම් කිසි සිදුවීමක් සම්බන්ධයෙන් තාවකාලික තහනමකට ලක් කර සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කාර්යක්ෂම විශ්ලේෂක සනත් ජයසුන්දර සම්බන්ධව ගත හැකි නිවැරදිම තීන්දුව කුමක්ද යන්න සම්බන්ධව ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් හෙට (23 දා* විශේෂ විභාගයක් පැවැත්වීමට නියමිතව තිබේ.
අයි.සී.සී.ය විසින් ඉහත ක‍්‍රීඩකයන් තිදෙනාට චෝදනා පත‍්‍රයක් එවමින් තාවකාලික තහනමක් පැනවුවද එහි සත්‍ය කුමක්ද සහ නීත්‍යානුකූලතාව මෙන්ම අදාළ තහනම පැනවීමට ඇති සාක්ෂි කිසිවක් නොමැතිව ඔවුන්ට තහනමක් පනවා තිබේ. නමුත් අදාළ තහනමෙන් අසරණව සිටින අවිශ්ක ගුණවර්ධනලාගේ හඩට ඉකුත් මාස 14 පුරාම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ ක‍්‍රීඩා අමාත්‍යාංශ ඇහුම්කන් නොදුන්නද මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව ක‍්‍රීඩා අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් විය.
අගතියට පත්ව ඇති පාර්ශ්ශවය වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශ පැත්තෙන් ගත හැකි හොඳම තීන්දුව ගැනීම වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප‍්‍රධානත්වයෙන් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර අතර එම කමිටුව හමුවේ අදාළ ප‍්‍රශ්නය විභාග වනු ඇත. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් ¥ෂිතම රාජ්‍ය බවට පත් කළද අදාළ ක‍්‍රීඩයන් කළ වරද පැහැදිලිව ක‍්‍රීඩා ලෝලීන්ට සහ ජනතාවට දැන ගැනීමට නොහැකි වීමද විමතිය දනවන කරුණකි.
තරග පාවාදුන්නන් සොයාගෙන ඔවුන් කළ වරද සාක්ෂි ඇතිව ඔප්පු කරමින් අයි.සී.සී.ය. විසින් පසුගිය කාලයේදී තහනම් පැනවුවද මේ වන විට ශ‍්‍රී ලංකාවේ තහනම පනවා ඇති ඉහත ක‍්‍රීඩකයන් තිදෙනාගේ ප‍්‍රශ්නයට තුඩු දී ඇත්තේ යම් කිසි පුද්ගලයකු සමග කතා කළද එය අයි.සී.සී.යට හෝ අදාළ වගිකව යුතු පාර්ශ්ශවවලට නොදැන්වීමයි.
2017 වසරේ සාජා හී පැවැති ටී. 10 තරගාවලියකදී අවිශ්ක ගුණවර්ධන යම් කිසි පුද්ගලයකු සමග කතා කර ඇති බවට සාක්කි දී ඇත්තේ රමිත් රඹුක්වැල්ල බවද සඳහන් වේ. නමුත් සාක්කි නොමැතිව ඔහු එසේ අවිශ්කව චෝදනාවට ලක්කර ඇත්තේ ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් අවිශ්ක ඔහුට අවස්ථාව නොදුන් නිසා බව තතු දත් උදවිය මාර්ගයෙන් වාර්තා වේ. රමිත් රඹුක්වැල්ල මීට පෙරද විනය විරෝධී ක‍්‍රියා කිහිපයකම නිරත වූ බවට වාර්තා වු අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතා හේතුවෙන් ‘ඒ’ කණ්ඩායමේ ස්ථානය අහිමි වුවද ටී. 10 තරගාවලියට ඇතුළත් කර ඇත්තේද අදිසි හස්තයක් මගින් බව වාර්තා වේ.
අදාළ සාජා ටී. 10 තරගාවලියට ගිය කණ්ඩායම පළාත් ශූරතාව දිනු කොළඹ කණ්ඩායම වුවත් රමිත් රඹුක්වැල්ල එම තරගාවලියේදී වෙනත් පළාත් කණ්ඩායමක් නියෝජනය කරමින් එම කණ්ඩායමට ඇතුළත්ව ඇත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් මේ තරගාවලිය පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් සංවිධානය කරන තරගාවලියක් බව පැවසුවද එහිදී ක‍්‍රීඩකයන්ට ඩොනර් 500 ක් හෝ 1000 ක මුදලක් ලබා දුන්නද පුහුණුකරුවන්ට කිසිදු ගෙවීමක් සිදු නොකිරීමද සොයා බැලිය යුතු කරුණකි. එම තරගාවලියේ ලැබුණු මුළු මුදල් ප‍්‍රමාණය කොපමණද ක‍්‍රීඩකයන්ට මුදල් ගෙව්වේ කවුද? අයි.සී.සී.ය අදාළ තරගාවලිය නිරීක්ෂණය කළාද සහ අදාළ ක‍්‍රීඩකයන්ට චෝදනා කිරීමේදී ඔවුන්ට ඇති නෛතික අයිතිය සම්බන්ධව හෙට පැවැත්වෙන ත‍්‍රිපුද්ගල කමිටු පරීක්ෂණයේදී මාර්තෘකාවට බඳුන් වනු ඇත.