එල්.පීඑල්. ගහන්නැයි ක‍්‍රීඩා ඇමැතිට දහස් ගණනක් මැසිවිලි එයි

 

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL  20-20 ක්‍රිකට් තරගාවලිය නියමිත දිනට පවත්වන ලෙස බලකරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දහස් ගණන් පණිවිඩ එවා තිබෙනවා.

ඇතැම් facebook පිටු හා groups හරහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිලfacebook හා instagram සමාජ මාධ්‍ය වල ප්‍රවේශයන් ( log in ) දක්වමින් ඒ හරහා අමාත්‍යවරයාට බලපෑම් කරන්න පණිවිඩයක් යවන්න යැයි සටහන් තබමින් post සමාජ මාධ්‍ය වල Share වෙමින් පවතිනවා.

සෞඛ්‍යය අංශ වලින් මෙම තරගාවලියට බලපෑම් එල්ල නොවී කෙසේ හෝ LPL තරගාවලිය සදහා අවසර දෙන ලෙසයි මෙම පණිවිඩ යොමු කර ඇත්තේ.