දින 14 ක නිරෝධානයට කි‍්‍රස් ගේල් බැහැ කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී ආයතනය එක්ව සංවිධානය කරන එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන්නේ නම් දින 14 ක නිරෝධාන කාලසීමාවකට යටත්ව තරගාවලියට පැමිණිය නොහැකි බව සුපිරි විස්සයි විස්ස ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් පවසයි.
කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමේ විදෙස් ක‍්‍රීඩකයා වශයෙන් ගේල් නම් කර තිබේ. මුලදී ඔහුට ඇ.ඩො. 100000 ක් ලබා දුනහොත් පමණක් තරගාවලියට සහභගි වන බව මහනුවර කණ්ඩායමේ හිමිකරුවන් සමග සාකච්ඡුා කළ අතර අනතුරුව එම මුදල ලබාදීමට කණ්ඩායම් හිමිකරුවන් කැමැත්ත පළ කර තිබේ.
මේ වන විට අයි.පී.එල්. තරගාවලිය කී‍්‍රඩා කරමින් සිටින ක‍්‍රිස් ගේල් ශ‍්‍රී ලංකාවේ කෝවිඞ් 19 නීතිය අනූව දින 14 ක නිරෝධානයකට යටත්ව තරගාවලියට පැමිණිය නොහැකි බවත් දින හතක නිරෝධානයකට යටත්ව තරගාවලිය ක‍්‍රීඩා කිරීමට කැමැති බවත් පවසා ඇතැයි වාර්තා වේ.