‘රෝහිත රාජපක්ෂගෙන් පාසල් රග්බි වලට යෝජනාවක්’

ශ‍්‍රී ලංකා පාසල් රග්බි ඉහළම වයස් කාණ්ඩය ඉදිරියේදී වයස අවුරුදු 21 න් පහළ යනුවෙන් වෙනස් කිරීම කාලෝචිත බව යොවුන් රග්බි පුහුණුකරු රෝහිත රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ පළමු පෙළ රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඞ් එෆ්.සී කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් වැඩ බාර ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
කොරෝනා වසංගතයෙන් පසුව මෙරට රග්බි ක‍්‍රීඩාව ආරම්භ කිරීමට තවමත් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පරිදි වුවද අවසරය හිමිව නැත. නමුත් පුහුණුකරුවකු වශයෙන් ඊට පෙර කළ යුතු වැඩසටහන් කිහිපියක් ඇති බැවින් සී.එච්. කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ක‍්‍රීඩකයන්ගේ මානසික ඒකාග‍්‍රතාවය වෙනුවෙන් පැවැති වැඩසටහනකදී රෝහිත රාජපක්ෂ පවසා සිටියේ ලෝකයේ රග්බි කීඩාව යන විදිහට මෙරට රග්බි ක‍්‍රීඩාවද යා යුතු බවයි.
‘‘අද ලෝකයේ පාසල්වල සහ යොවුන් රග්බි ක‍්‍රීඩාව පවතින්නේ වයස අවුරුදු 21න් පහළ ලෙස. නමුත් අපේ රටේ වයස අවුරුදු 19 න් පහළ හෝ 20 න් පහළ වශයෙන් තමයි යොවුන් රග්බි ක‍්‍රියාත්මක වන්නේ. මම ශ‍්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් සේවය කරලා තියෙනවා. එතනදි අපි ජයග‍්‍රාහ‍්‍රාහි මට්ටමට පැමිණිලා තියෙනවා. නමුත් කෝවිඞ් 19 වසංගතය නිසා දැන් පාසල් රග්බි ක‍්‍රීඩාව පවත්වන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පාසල් රග්බි කී‍්‍රඩාවේ වයස් සිමාව සංශෝධනය කරමින් ලෝකයට ගැලපෙන විදිහට වයස අවුරුදු 21 න් පහළ වශයෙන් සංශෝධනය විය යුතුයි.’’ යනුවෙන් රෝහිත රාජපක්ෂ පවසයි.
ශ‍්‍රී ලංකාවේ පාසල් ක‍්‍රීඩාව ආරම්භ කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛය අමාත්‍යාංශය විසින් අවසර ලබා දුන්නද එහිදීතෝරාගත් ක‍්‍රීඩා පමණක් ආරම්භ කිරීමට අවසරය ලබාදුනි. නමුත් රග්බි කී‍්‍රඩාව දුරස්ථභාවය රැුක ගනිමිනි ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාවක් නොවීමෙන් ඒ සඳහා අවසර ලබානොදුණි.
‘‘අපිට සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවලට එරෙහි වෙන්න බැහැ. මොකද ලෝකය වසංගතයක් මේක. මේ ක‍්‍රීඩාව කරන්න පුළුවන්ද බැරිද කියලා දන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සඳහා පත්කර ඇති වෛද්‍යවරුන් ඇතුළු කමිටුව. අපි රග්බි ක‍්‍රීඩා කරන්න කැමැතියි. නමුත් ඔවුන්ට එරෙහිව යන්න අපිට පුළුවන් කමක් නැහැ. කොහොම වුණත් මම කියන්නෙ මේ වසරේදී පාසල් රග්බි ක‍්‍රීඩාවේ අවසන් වටය ක‍්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබුණෙ නැහැ.ඒ නිසා ඉදිරියට එන්න පුළුවන් කණ්ඩායම්වලට අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ලෝකයේ අද යොවුන් රග්බි ක‍්‍රීඩාව කරන්නෙ වයස අවුරුදු 21 න් පහළ ලෙස. අපේ පාසල් රග්බි ක‍්‍රීඩාවත් වයස අවුරුදු 21 න් පහළ ලෙස සංශෝධනය වුණොත් මේ පාර අවසන් වසරේ ක‍්‍රීඩා කරපු ක‍්‍රීඩකයන්ට අසාධාරණයක් වෙන්නෙ නැහැ. ඔවුන් ලබන වසරේදීත් ක‍්‍රීඩා කරයි. මොකද අතරමගදී තරගාවලියක් අහිමි වුණාම ඉදිරියට එන්න බලාගෙන හිටපු කණ්ඩායම්වලටත් අසාධාරණයක්. ඒක නිසා පාසල් රග්බි සංගමය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එකතු වෙලා මේ වෙනුවෙන් මැදිහත් විය යුතුයි.’’ යනුවෙන් රෝහිත රාජපක්ෂ පවසයි.
ශ‍්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායමේ පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළ පළමු අවස්ථාවේදීම සාර්ථකත්වයට පත්වූ රෝහිත රාජපක්ෂ එළැඹෙන දේශීය ක‍්‍රීඩා සමාජ තරගාවලියේදී සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායමේ පුහුණුකරු සහ ක‍්‍රීඩකයකු වශයෙන් තරග කිරීමට නියමිතව තිබේ.
‘‘මම පුහුණුකරුවකු වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සියලූ පාඨමාලාව සමත් වෙලා තියෙන්නෙ. පුහුණුකරුවකු කියන්නෙ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාව හඳුනාගෙන ඔවුන්ට හරියන ස්ථානය සහ වෙලාවට ඔවුන්ව කළමණාකරනය කිරීමයි. එහෙම නැතිව මහේ ඉලක්කයක් නැහැ අනාගතයේදී ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වෙනවා නැතිනම් වෙනත් රටක පුහුණුකරුවකු වෙනවා කියන එක ගැන. මොකද පොඩි තැනක පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරන්න තමයි මම කැමැතියි. මම ඉතිපතන සහ තර්ස්ටන් කණ්ඩායම්වල පුහුණුකරු වශයෙන් කටයුතු කළා. නමුත් එහිදී මට මේ ගාන දෙන්න කියලා මම කවදාවත් ඉල්ලූවෙ නැහැ. මේක මම ආශාවට කරන දෙයක්. ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව වෙනුවෙන් හදවතින් කරන දෙයක්. මුදල් උපයන්න කරන දෙයක් නෙමෙයි.’’
සී.ආර්. ඇන්ඞ් එෆ්.සී කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව කිසිවෙකු තමාට රග්බි ක‍්‍රීඩාව කරගෙන යෑමට ආරාධනා නොකරපු අවස්ථාවේදී ආ එකම ආරාධනාව සී.එච්. කණ්ඩායමෙන් කළ නිසා බවද රෝහිත පවසයි. ‘‘2015 ජනාධිපතිවරණයෙන් පසුව අපිට කවුරුත් කතා කළේ නැහැ. නමුත් සී.එච්. කණ්ඩායම විතරයි අපිට කතා කළේ. ඒ නිසා එතනදි අපිත් එක්ක හිටපු ක‍්‍රීඩකයන් තමයි අදත් ඉන්නෙ. කළගුණ සැලකීමක් වශයෙන් තමයි මේ පාර සී.එච්. කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනේනෙ. අපි මුල අමතක කරන්න හොඳ නැහැ. මේ පාර වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා.’’ යැයි රෝහිත රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.