මැතිව්ස්ට ලකුණු ගහන්නම වෙනවා – චන්දමාල් කියයි

 

ඉන්දියාව සමග දිල්ලි නුවරදී හෙට (02 දා) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිල ඔසවා තබන්නට නම් අත්දැකීම් බහුලම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතරට පැමිණීම අනිවාර්ය බව නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
‘අපිට ඉන්න පළපුරුම ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්. මම බලාපොරොත්තු වෙනවා ඔහු මේ තරගයේදී ලකුණු අතරට ඒවි කියලා. එයා ලකුණු අතරට නාවොත් කණ්ඩායම පහළට වැටෙනවා. මොකද අනිත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයනුත් ලකුණු ගන්න ඕන. එතකොට තමයි නවකයන්ට ගමන යන්න පහසු වෙන්නෙ.’ යැයි චන්දිමාල් පවසයි.