ක්‍රිකට් සභාපතිටත් කැප්ටන් කරන්න පුළුවන් – අර්ජුන කියයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස්වීම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමන් පවසා සිටියේ ඉදිරියේදී ක්‍රිකට් සභාපති හෝ උප සභාපති ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවද කලබල විය යුතු නැති බවයි.
මේ වසරේදී ශ්‍රී ලංකා එක්දින පිලට නායකයන් පස්දෙනකු පත් කළ අතර තිසර පෙරේරා ඉන්දියානු එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ නායකයා වශයෙන් කටයුතු කරයි.
‘නායකත්වය කියන්නෙ ඕන ඕන විදිහට මාරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. අද නායකයන් මෙන්ම කණ්ඩායම තෝරන්නෙ පිට්ටනියකටවත් බැහැපු නැති අය. මෙහෙම ගියොත් ක්‍රිකට් සභාපතිටයි උප සභාපතිටයි කණ්ඩායමේ නායකයා වෙන්නත් පුළුවන්.’ රණතුංග මහතා පවසයි.’
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් මෙහෙයව ඇත්තේද අර්ජුන රණතුංගය.