ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට තරග දෙකක් නැති වෙයි

දිගින් දිගටම පාදරයේ කළව ආබාධයකට ලක්වන ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් විවේක ගැන්වීමට සිදුව තිබේ.
නායකත්වය ලැබීමෙන් පසුව සහභාගි වූ පළමු තරගයේදීම මැතිව්ස් යළිත් සුපුරුදු ආබාධයකට ලක්විය. මැතිව්ස්ට අද (19 දා) බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය සහ ඉරිදා සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරගය විවේක ගැන්වීමට සිදුව තිබේ.