හතුරුසිංහත් ඉවරයි – අර්ජුන කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය වුවහොත් එය හතුරුසිංහගේ පිට පැටවෙන බවත් එබැවින් හතුරුසිංහද ඉවර වන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.
‘හෙට අනිද්දා මැච් දිනුවොත් කියයි හතුරුසිංහ ඇවිල්ලා මැජික් පෙන්නුවා කියලා. බැරිවෙලාවත් පැරදුනොත් හතුරුසිංහත් ඉවරයි.’ යනුවෙන් අර්ජුන රණතුංග මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තවම තුනටියෙන් යන තරමට වැටී නැති බවත් තව ටික දවසකින් ඒ දෙයද දැක බලා ගැනීමට හැකි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විදිහට තමා මෙරට ක්‍රීඩාවේ පරිහානිය සම්බන්ධව ලැජ්ජා වන බවත් ක්‍රීඩා ඇමැතිවරයා සිංදු කියය නැටුවාට ක්‍රීඩාව ගොඩ යන්නේ නැති බවත් රණතුංග මහතා සඳහන් කර සිටියි.