ඔලිම්පික් පවුලේ සාදයක්

ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමයේ වාර්ෂික සුහද හමුව පසුගියදා වස්කඩුවේදී පවත්වන ලදී. අදාළ උත්සවයේදී ඔලිම්පික් ක්‍රීඩාවේ වටිනාකම ශ්‍රී ලංකා ඔලිම්පක් නිලධාරීන්ට සහ පැමිණ සිටි සියලු දෙනාට මනා අවබෝධයක් ලබා දීමටද කටයුතු යොදා තිබුණි.
ඔලිම්පික් උළෙලේ වටිනාකම දැනුවත් කිරීම බී.එල්.එච්. පෙරේරා මහතා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු කළ අතර තහනම් ඖෂධ පිළිබඳවද මෙහිදී වැදගත් දේශනයක් පවත්වන ලදී. අදාළ රැස්වීමෙන් පසු සියලු දෙනා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු දැක්වේ.