මැතිව්ස්ට ඇතුළට එන්න බෝල් කරන්න වෙයි – අසන්තද මෙල්

පාකිස්තාන් සංචාරයේදී නවක ක‍්‍රීඩකයන් දැක්වු දක්ෂතා හේතුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩායම ඇතුළට පැමිණීමට නම් පන්දු යැවීම ආරම්භ කළ යුතු බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසයිග
‘පාකිස්තාන් සංචාරයේදී නවක ක‍්‍රීඩකයන් ඉතාමත් හොඳින් කළාග ඒ නිසා එළියෙ ඉන්න ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගෙන් තුන් හතර දෙනකුට විතරයි ඇතුළට එන්න අවස්ථාව තියෙන්නග කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාට ඇතුළට එන්න පුළුවන්ග ඒ වගේම නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව තියෙනවා ඔහු නවසීලන්ත සංචාරයේදීත් හොඳින් කළාග හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යැවීම ආරම්බ කළොත් විතරයි කණ්ඩායමේ ස්ථානයක් තියෙන්නෙග’’