අවුරුදු එකහමාරක් එළියෙ ඉන්න කොට මහන්සි වුණා – වනිඳු හසරංග

Sri Lanka's spinner Wanindu Hasaranga (R) celebrates with teammates after dismissal of Pakistan's captain Sarfraz Ahmed during the second Twenty20 International cricket match between Pakistan and Sri Lanka at the Gaddafi Cricket Stadium in Lahore on October 7, 2019. - Bhanuka Rajapaksa smacked an aggressive maiden half-century as Sri Lanka made 182-6 against Pakistan in the second Twenty20 international in Lahore on October 7. (Photo by ARIF ALI / AFP) (Photo by ARIF ALI/AFP via Getty Images)

ශ‍්‍රී ලංකාව නවක තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංගට අවුරුදු එකහමාරක කාලයක් අවස්ථාව නොලැබෙද්දී උපරිම මහන්සි වු බවත් අනතුරුව ජාතික කණ්ඩායමට පැමිණි බවත් පවසයි. 22 හැවිරි වනිඳු 2017 වසරේදී සිම්බාබ්වේට එරෙහිව එක්දින තරග වරම් ලැබීය.
‘‘මට කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිමය මේ තරගාවලියේදී දෙන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා. විස්සයි විස්ස තරග දෙකේදී මට පන්දු යවන්න ලැබුණ හැම වෙලාවෙම මගේ සැලසුම වුණේ ලකුණු නැතිව පන්දු යවන්නෙ කොහොමද කියලා. පාදඟ පන්දු යවන්නෙක් වුණහම කඩුල්ල කෙළින් පන්දු යවන විට පහර දෙන්න ලේසි නැහැ. මමත් පිතිකරුවෙක් විදිහට ඒක හොඳින් දන්නවා. ඒක නිසා මම හැම තිස්සෙම විවිධත්වයක් ඇතිව පන්දු යවන්නෙ කඩුල්ල කෙළින් පන්දු යවලා තමයි. ‘‘මම පුහුණුවීම්වලදි ගොඩක් කැමැති පන්දු රකින්න තමයි ආස. තරගයකට ගියහමත් මම හැම පන්දුවක්ම මගේ අතට එනවනම් තමා කැමැති. ඒ නිසා මගේ පන්දු රැුකීම හොඳ තැනක තියා ගන්න පුළුවන්.’’
‘මට අවුරුද්දයි මාස හය හතක් කණ්ඩායමෙන් ඉවත් වෙලා හිටියා. ඒ කාලයේදී මට කරන්න පුළුවන් හැම පුහුණුවීමක් හොඳින් කරලා. ‘ඒ’ කණ්ඩායම සහ දේශීය ප‍්‍රිමියර් තරගවලදී හොඳින් ක‍්‍රීඩා කරලා යළිත් ජාතික කණ්ඩායමට පැමිණෙන්න ගොඩක් මහන්සි වුණා. එතනදි මම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වු නිසා තමයි යළිත් කණ්ඩායමට පැමිණෙන්න පුළුවන් වුණේ.’’
‘‘මම පිතිකරුවකු වශයෙන් ජාතික කණ්ඩායමේ පහර දෙන්න වෙන්නෙ අංක හය, හත හෝ අට ස්ථානවල. ඒ නිසා අන්තිම ඕවර කිහිපයේදී පිතිකරුවකු වශයෙන් ලෝකයේ ඉන්න හොඳම පන්දු යවන්නන්ට පහර දෙන්න තවත් මම ඒ අංශය දියුණු කර ගන්න ඕන‘‘අපි නවකයන් විදිහට කණ්ඩායමක් වශයෙන් ගොඩක් කතා වුණා. පළමු පෙළ අපි එකට ගහපු ගොඩක් අය ජාතික කණ්ඩායමේ ඉන්නවා. ක‍්‍රීඩකයාට ක‍්‍රීඩකයා සාකච්ඡුා කරලා කරපු නිසා තමයි එක්දින තරග දෙක හොඳින් කළා දිනාගන්න බැරි වුණාට.