SL VS AUS විස්සයි විස්ස ජය ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට

ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 132කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත් විය.

එහිදි  ඇලීසා හීලි ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස තරගයකදී ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛයාවේ වාර්තාව තමන් සතු කරගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවි ලකුණු 226ක් රැස් කරගත්තා.

එහිදි ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු 61කදී නොදැවි ලකුණු 148ක් රැස් කිරීමට ඇලීසා හීලි සමත් වූණා.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක් වුණේ ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස තරගයකදී ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාෙව් ලෝක වාර්තාව ලෙසයි.

ඇයගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වුණා.

ලකුණු 227ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුළු 7ක් දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි.

ඒ අනුව ලකුණු 132ක ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජයගත්තා.