සනාගේ වාර්තාවක් ගුණතිලක කඩා දමයි

පාකිස්තානය සමග පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක විසින් වසර 11 ක් පැරැුණි වාර්තාවක් බිඳ දැමීමට සමත් විය. ඔහු විසින් මෙම තරගයේදී ලබාගත් ලකුණු 133 ක ඉනිම කරච්චි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර එම වාර්තාව සනත් ජයසුරියගේ නම ඉදිරියේ සටහන්ව තිබුණි.
ගුණතිලක ලබාගත් ශතක හේතුවෙන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 297 ක් කඩුලූ නවයකට ලබා ගත්තේය. ශතකය ලබා ගැනීමෙන් පසුව පිත්ත කිහිප වරක්ම කරකැවු ගුණතිලක එහිදී ඔහු තුළ තිබු පීඩනයක් මුදා හරින්නාක් මෙන් එය දිස්විය. ගුණතිලක ඉනිම 13 කට පසුව ශතකයක් ලැබීය.
ගුණතිලක විසින් කරච්චි ක‍්‍රීඩාංගණයේදී රැුස් කළ ලකුණු 133 ක ඉනිම ශ‍්‍රී ලංකා පිතිකරුවකු එහිදී රැුස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් වේ. මීට පෙර සනත් ජයසුරිය 2008 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 130 ක් ලබා තිබුණි. පන්දු 134 කදී හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමග ගුණතිලක ලබාගත් ලකුණු 133 කරච්චි ක‍්‍රීඩාංගණයේ පිතිකරුවකු රැුස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවන් අතර සිව්වැනි තැනට පත්විය. ඔහුට ඉදිරියෙන් විවියන් රිචඞ්සන් (181*, ග‍්‍රැහැම් ගුච් (142* සහ සල්මන් බට් (136* පසුවේ.