බංග්ලාදේශ ක‍්‍රිකට් හතුරුසිංහට සහ මයික් හෙසන්ට බැල්ම හෙලයි

පුරප්පාඩුව ඇති බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා චන්දික හතුරුසිංහ හෝ නවසීලන්ත හිටපු පුහුණුකරු මයික් හසන් කෙරෙහි බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය වැඩි අවධානයක් යොමු කර තිබේ.
මෙම මස අවසන් වීමට පෙර ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත්කර ගන්නා බව බංග්ලාදේශයෙන් වාර්තා වේ. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ සමග බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධානියා සාකච්ඡුා කර ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඔහුව ඉවත් කිරීමෙන් පසුව අදාළ සාකච්ඡුාව සිදුව තිබේ.
හතුරුසිංහ සමග සාකච්ඡුා කිරීමට පෙර බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය ඇන්ඩි‍්‍ර ෆලවර් සහ රසල් ඩොමින්ගෝ සමගද සාකච්ඡුා කළද එම සාකච්ඡුා අසාර්ථක වී තිබේ. ඒ අනූව හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලින් වන්දියක් සමග බංග්ලාදේශයට යෑමේ වැඩි අවස්ථාවක් පවතී. ඔහු මීට පෙර වසර තුනක් බංග්ලාදේශ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී ශ‍්‍රී ලංකාවේ පුහුණුකරු තනතුරට පත්විය.