කන බොන ඉන්දීය ක‍්‍රිකට් තරු අල්ලන මෙහෙයුමක්

ඉන්දියානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ මත්ද්‍රව්‍ය පානය කරන ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා එරට මත්ද්‍රව්‍ය නියාමන ආයතනය ඉදිරියේදී පරීක්‍ෂණය පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ සඳහා ඉන්දීයානු ක‍්‍රිකට් ආයතනයේද පුර්ණ ආශිර්වාදය එම ආයතනයට හිමිව ඇත.
සැර බීම වර්ග, බියර්, වයින් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය බොන කී‍්‍රඩකයන් කවුරුන්ද යන්න මීට පෙරද ඉන්දියානු මත්ද්‍රව්‍ය නියාමන ආයතනය පරීක්ෂා කිරීමට උත්සහ කළද ඊට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ අවසරය නොලැබුණි. නමුත් නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන ප‍්‍රිතිව් ෂෝ තහනම් උත්තේජක ගත් බවට හසු වීමෙන් පසුව අදාළ පරීක්‍ෂණය කිරීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය අවසරය ලබාදී තිබේ.