චමරි අතපත්තු පළමු විස්සයි විස්ස ශතකය ලබයි

SYDNEY, AUSTRALIA - SEPTEMBER 29: Chamari Athapathtu of Sri Lanka celebrates scoring a century during game one of the Women's Twenty20 International Series between Australia and Sri Lanka at North Sydney Oval on September 29, 2019 in Sydney, Australia. (Photo by Jason McCawley/Getty Images)

ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ සත්කාරකයන් හමුවේ ලකුණු 41 ක පරාජයක් ලැබීමට ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (29 දා* සිදුවිය. සිඞ්නි හිදී පැවැති මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිති ප‍්‍රහාරයක් දියත් කළ නායිකා චමරි අතපත්තු සිය පළමු විස්සයි විස්ස ශතකය වාර්තා කිරීම කැපී පෙනුණි.
චමරි අතපත්තු සිය 79 වැනි විස්සයි විස්ස තරගයේදී අදාළ ශතකය ලබා ගැනීමට සමත් වුවාය. පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 217 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 176 ක් පමණි.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් තනි සටනක නිරත වූ චමරි අතපත්තු පන්දු 66 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර හයක් සමග ලකුණු 113 ක් ලබා සිව්වැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 161 කදී දැවී ගියේය. අනෙක් ශ‍්‍රී ලංකා පිතිකාරිණියන්ට ලබාගත හැකිවුයේ ලකුණු 49 ක් පමණි.
ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි බෙත් මොනී පන්දු 61 කදී හතරේ පහර විස්සක් සමග ලකුණු 113 ක් ලබා ගත්තාය.