ආසියානු සත් සාමාජික රග්බි සටනේ ශ‍්‍රී ලංකාව සිව්වැනියා වෙයි

කොළඹදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේදී 2019 ශූරතාව දිනා ගැනීමට ජපානය සමත් වෙද්දී ශ‍්‍රී ලංකාව සිව්වැනි තැනට පත්විය. තරගාවලියේ දෙවැනි තැනට පත්වීමට හොංකොං සමත් පිල සමත් විය.
තුරඟ තරග පිටියේ පැවැති අදාළ තරගයේදී ශ‍්‍රී ලංකාව ලකුණු 45-0 ක් වශයෙන් ජපානය හමුවේ පරාජයට පත්වූ අතර අනතුරුව චීනය සමග පැවැති තරගයෙන් ලකුණු 27-12 ක පරාජයක් ලැබූ ශ‍්‍රී ලංකාව සිව්වැනි තැනට පත්විය.
මේ අතර ආසියානු කාන්තා සත් සමාජික රග්බි ශූරතාව දිනා ගැනීමටද ජපානය සමත් විය.