නවසීලන්තයට ගිය පාකිස්තාන ක්‍රීඩකයෝ 8කට කොරෝනා

නවසීලන්තයේ සංචාරයක නිරතව සිටි පාකිස්තාන් ක්‍රිකට් සංචිතයේ සාමාජිකයන් අට දෙනකුට කොරෝනා රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
ඒ අනුව පාකිස්තාන් කණ්ඩායමේ තත්ත්වය හොඳ අතට හැරෙනතුරු ඔවුන්ට පුහුණුවීම් කිරීම තහනම් කර තිබේ. අදාළ කොවිඞ් 19 ආසාදිතයන් සමග අනෙක් ක්‍රීඩකයන්ද එකම හෝටලයක නිරෝධායනයට ලක්ව ඇති අතර රෝගය ආසාදනය නොවූ සියලු දෙනාව පී. සී. ආර්. පරීක්ෂණවලට දිනපතා භාජන කරනු ලබයි.
නවසීලන්ත කළමනාකාරීත්වය පවසන්නේ එරට නීති රීතිවලට අනුව පාකිස්තාන් ක්‍රිකට් ආයතනය සහ කළමනාකාරීත්වය සියලු සහයෝගය ලබාදෙන බවත් තත්ත්වය යහපත් වූ වහාම ඔවුන්ට පුහුණුව සඳහා අවසර දෙන බවයි. දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ලබන 18 වැනිදා ආරම්භ වීමට නියමිතය.