කොරෝනා වසංගතයට එරෙහිව ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ සටනට බසිති

 


ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛසරයට එරෙහිව ක‍්‍රියාත්මක වන සමාජ සත්කාරක මෙහෙවර උදෙසා ලොව පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සිය පෞද්ගලික ධනය වැය කරමින් සමාජ සත්කාරයේ යෙදී සිටිති. ඒ අතරවාරයේදී වත්මන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ හිටපු ක‍්‍රීඩකයන්ද පසුගිය දින කිහිපයේදී ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ධනය සහ ශ‍්‍රමය වැය කරනු දක්නට ලැබුණි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් පළමුව කොරෝනා වසංගතයට එරෙහිව රුපියල් මිලියන 25 ක් බැර කර අතර අනතුරුව දිමුත් කරුණාරත්න ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිය පෞද්ගගලික ධනය වැය කරමින් හෝමාගම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් මිලදී ගැනීමට මුදල් ලබා දී තිබුණි.
කොරෝනා වෛරසය හේතුවෙන් දිවා ? නොබලා සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබාගත් උපකරණ කට්ටල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් පසුගියදා හෝමාගම රෝහලේ පාලනාධිකාරිය වෙත භාර දෙන ලදී. මීට අමතරව කොළඹ ජාතික රෝහලට අවශ්‍ය ස්වරාලය හෙවත් උගුර ආශ‍්‍රිත පටක පරීක්ෂා කිරීමට අවශ්‍ය ලැරින්ගෝස්කෝප් උපකරණයක් මිලදී ගැනීමටද වර්තමාන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මුදල් ලබාදී තිබුණි.
ක‍්‍රීඩයන් විසින් පෞද්ගලිකව සිය මුදල් යොදවනු ලබද්දී ඔවුන් ක‍්‍රීඩා ලෝලීන්ගෙන්ද ඉල්ලීම් කිහිපයක් ඉල්ලා තිබුණි. ඒ අදාළ වෛරසයට එරෙහිව හැකි අයුරින් සිය දායකත්වය ලබාදෙන ලෙසයි. එමෙන්ම තමන්ගේ සුරක්ෂිත භාවය සඳහාද ඔවුන් පේ‍්‍රක්ෂකයන් හට පණිවුඩයක් ලබාදී තිබුණි.
‘‘ඇති වී තිබෙන මාරාන්තික වෛසරයට එරෙහිව ක‍්‍රීඩකයන් වශයෙන් අපෙන් ඉටු විය යුතු සහය උපරිම වශයෙන් රජයට ලබාදීමට කටයුතු කරනවා.’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අදාළ පරිත්‍යාග කිරීමෙන් පසුව පැවසීය.
මේ අතර හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන රොෂාන් මහානාම, චමින්ද වාස්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන්ද කොරෝනා වෛරසය වෙනුවෙන් දායකත්වය ලබාදීමට ඉදිරිපත්ව තිබේ. මේ අතර වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල්ද සිය පෞද්ගලික වියදමින් අනුරාධපුරයේ දිළිඳු පවුල් 450 ක් වෙනුවෙන් වියළි ආහාර ලබාදීමද විශේෂත්වයකි.
සුරංග ලක්මාල් සහ ඔහු නියෝජනය කරන ටැමිල් යුනියන් ක‍්‍රීඩා සමාජයේ සාමාජිකයන් එක්ව අනුරාධපුරයේ අඩු ආදායම් ලාභී පවුල් හට අදාළ පරිත්‍යාග පසුගියදා කර තිබේ. මේ වන විට දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා හිටපු ක‍්‍රීඩකයන් දෙපළක් වන චමින්ද වාස් සහ රොෂාන් මහානාම එක්ව සද්ක‍්‍රියාවකට සිය දායකත්වය ලබාදී තිබේ.
දෛනික වැටුප් උපයන දේශීය ජනතාව වෙනුවෙන් අත්‍යඅවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැටසටහනකට එක්ව ඇති මහානාම සහ වාස් ජනතාවගෙන්ද ඒ වෙනුවෙන් උපකාර ඉල්ලා සිටී. එහිදී සහල්, නූඞ්ල්ස්, පරිප්පු, සැමන්, වියළි මාළු, හාල් මැස්සන්, සීනි, මිරිස්, තුනපහ සහ බිස්කට් වැනි අත්‍යඅවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන බවද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. ආචාර්්‍ය ක‍්‍රිෂාන් තලගහගේ සහ කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද මෙම සද් ක‍්‍රියාවට මහානාම සහ වාස් දායකත්වය ලබාදීමට පැමිණ තිබේ. අදාළ ආහාර ද්‍රව්‍ය ප‍්‍රිමියර් ලේත්කෙයාර්, 282 ඒ2, ගාලූ පාර, ගල්කිස්ස (ගල්කිස්සේ පිහිටි සිලෝන් ගොඩනැගිල්ලේ දෙවන මහල* වෙත ලබා දෙන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. වැඩි විස්තර වෛද්‍ය ජනිත් (0776588444*, වෛද්‍ය තිමල් (0778006095*, වෛද්‍ය පබසරා (0766898822*, වෛද්‍ය හිරුණි (0719721021* සහ වෛද්‍ය තිව්‍යා (0776626901* ඇමතීමෙන් ලබාගත හැක.
මේ අතර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන උතුරු ප‍්‍රදේශයේ මෙන්ම කෑගල්ල හ රුක්මල්ගම ප‍්‍රදේශවල පවුල් 600 කට අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරුන් සහ ග‍්‍රාමසේවා නිලධාරීන්ගේ සහය ඇතිව ආහාර ද්‍රව්‍ය ලබාදී තිබේ. මහේල සහ සංගා සමග මැග්නම් සමාජයද අදාළ සත්කාරයට සහය ලබාදී තිබේ. කුමාර් සංගක්කාර එංගලන්තයේ සිට පැමිණ ස්වයං නිරෝධානයට ලක්වීමෙන් පසුව මෙම භාණ්ඩ බෙදා දීමට එක්වීමද විශේෂත්වයකි.

මේ අතර අවිශ්ක ප‍්‍රනාන්දු, දසුන් ශානක, අකිල ධනංජය, මලින්ද පුෂ්පකුමාර සහ වනිඳු හසරංග යන ක‍්‍රීඩකයන්ද එක්වෙමින් අසරණ ජනතාව වෙනුවෙන් සලාක බෙදාදීමට පසුගිය දින කිහිපයේදී කටයුතු කර තිබුණි.
මාතර දිස්ත‍්‍රික්කයේ ජීවත් ව අඩු ආදායම් ලාභි පවුල් හට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට වනිඳු හසරංග සහ මලින්ද පුෂ්පකුමාර එක්ව කරන ලදී. එම අවස්ථාවට ශ‍්‍රී ලංකා පොලිසියේ සහ විශේෂ කාර්්‍ය ජනතාවගේ සහයද ඔවුන්ට ලැබුණි.
මේ අතර අකිල ධනංජය සහ දසුන් ශානකද එක්ව වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදුන් අතර සිය 22 වැනි උපන්දිනය පසුගියදා සැමරූ අවිශ්ක ප‍්‍රනාන්දු විසින් අඩු ආදායම් ලාභි පවුල් කිහිපයකටද වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙන ලදී. ඔහු විසින් ගම්පහ දිස්ත‍්‍රික් ජනතාවට එම සහන ලබාදීමට කටයුතු කළේය.