ධනංජයට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

සෙන්චූරියන් හී පැවැති ටෙස්ට් තරගයේදී පාදයේ කළව ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට ලබන 3 වැනිදා දකුණු අප්‍රිකාව සමග ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය අහිමිව තිබේ.
පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 79 ක් ලබා සිටි ධනංජය ද සිල්වා ලකුණක් කරා දිව යෑමේදී ඇති වූ පාදයේ කළව ප්‍රදේශයේ ආබාධය සුව වීමට සති දෙකක් පමණ විවේක ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය ජොහැනස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතය.