‌අවසන් මොහොතේ දික්වැල්ල, කෝලිව සහ ශාමිව බයිට් කරපු හැටි මෙන්න (වීඩියෝ සහිතයි)

Niroshan Dickwella of Sri Lanka reacts on Mohammed Shami of India during day five of the 1st test match between India and Sri Lanka held at Eden Gardens Stadium in Kolkata on the 20th November 2017 Photo by Deepak Malik / BCCI / Sportzpics

පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ අවසන් මොහොතේදී පරාජයෙන් බේරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට දවස අවසානය තෙක් පිටියේ රැදි සිටීමට සිදුවූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 04 ක් දැවී ගොස් තිබිණේ ලකුණු 22කටය. එම අවස්ථාවේ දික්වැල්ල සහ නායක චන්දිමාල් 05වන කඩුල්ල වෙනුවෙන් යම් සාර්ථක සබදතාවයක් ගොඩනගා ගනිමින් සිටි අතර අවස්ථා කිහිපයකදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි දික්වැල්ල සමග බහින් බස් වීමට උත්සහ කළේය.

කෙසේවෙතත් එය ගාණකට නොගත් දික්වැල්ල ඔවුන්ගේ වචන හුවමාරු හේතුවෙන් වැඩි කාලයක් නාස්ති වීමට ඉඩ හැරමින් ඊට යම් සාධාරණ ප්‍රතිචාර දැක්වූ අතර විස්තර විචාරක රසල් ආනල්ඩ් පවා එවෙලෙහි දික්වැල්ලගේ හැසිරීම් පැසසුමට ලක් කළේය. එවෙලෙහි විරාත් කෝලිද ගැටුමට මැදිහත් වූ නමුදු පසුව ඔහු පවසා තිබු‌ණේ ටෙස්ට් තරග වලදී මෙවැනි උණුසුම් අවස්ථා අැති විය හැකි බවයි. විරාත් කෝලි යනු පිටියේදී ඉතා තරගකාරී ක්‍රීඩකයකු වුවත් ඔහු ඉතා මිත්‍රශීලී ක්‍රීඩකයකු බව බො‌හෝ දෙනාගේ මතයයි.
කෙසේවෙතත් මේ පිළිබද තම ට්වීටර් ගිණුම ඔස්සේ අදහස් දක්වා ඇති මහේලද පවසා ඇත්තේ දික්වැල්ලගේ හැසිරීම ඉතා ඉහල මට්ටමක තිබූ බවත් තරගයේ අවසන් සැසිය විනෝද සමයක් වැනි වූ බවයි.