දිමුත්ලා අවුරුදු හතකට පසුව නවසීලන්තය රිදවයි

වසර හතක් පුරා නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් ලැබීමට අපොහොසත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයෙන් කඩුලූ හයක ජයක් ලැබීයග ශ‍්‍රී ලංකාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හය වැනි ස්ථානයේ සිටියදී ඔවුන් පරාජය කරනු ලැබුවේ අදාළ ශ්‍රේණියේ දෙවැනි තැන සිටින කණ්ඩායමයිග
අදාළ ජයත් සමග ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන පළමු තරගයේදීම සම්පූර්ණ ජයග‍්‍රහණයක් වෙනුවෙන් හිමිවන ප‍්‍රසාද ලකුණු 60 ම හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වියග
ටෙස්ට් ඉනිම 23 කට පසු ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න ඊයේ වාර්තා කරනු ලැබුවේ ඔහුගේ නව වැනි ටෙස්ට් ශතකයයිග පන්දු 243 ක් පුරා පිති ප‍්‍රහාරය මැනවින් දියත් කළ කරුණාරත්න හතරේ පහර හයක් සහ එක් හයේ පහරකින් තම ඉනිම සරසා ගනිද්දී තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීයග ඊටත් එහා ගිය සතුටක් ඔහුට තිබුණිග ඒ තමන් නායකත්වය දුන් ටෙස්ට් තරග තුනම පිට පිටම ජයග‍්‍රහණය කිරීමයිග මීට පෙර දකුණු අප‍්‍රිකාවට එරෙහිව 2-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට කරුණාරත්නගේ නායකත්වය සමත් වියග ස්ථානය ආරක්ෂා කර ගැනීමේ සටනක නිරතව සිටින ළහිරු තිරිමාන්න පන්දු 163 ක් කඩුල්ල රැුක ගනිමින් හතරේ පහර හතරක් සමග හය වැනි ටෙස්ට් අර්ධ ශතකය වර්තා කළේයග ඒ අතරවාරයේදී ඔවුන් දෙදෙනා විසින් දුන් උඩ පන්දුද නවසීලන්ත ක‍්‍රීඩකයෝ අතහැර දැමූහග
කඩුලූ අතැතිව තිබුණද අවසන් ලකුණු කිහිපයත් තණතීරුව අවධානක තිබුණිග නමුත් ඇන්ජලෝ මැතිව්ස් එක් අන්තයක නොදැවී සිටින් පන්දු 73 කදී රැුස් කළ ලකුණු සංඛ්‍යාව නිසා 28 ශ‍්‍රී ලංකාවට කඩුලූ හයක්ම අතැතිව තරගය ජය ගැනීමට හැකිවියග