බලාපොරොත්තු නැතිවීම කණගාටුවක් – චන්දිමාල් කියයි

Sri Lankan cricket team captain Dinesh Chandimal address reporters at the Pallekele International Cricket Stadium in Pallekele on August 11, 2017. The third Test cricket match between India and Sri Lanka starts in Pallekele on August 12. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI

‘අපි ක්‍රීඩා කරන්නේ ලෝකයේ අංක එකේ කණ්ඩායමත් එක්ක. එතනදි පළමු ඉනිමේදී ලබා ගන්නා ලකුණු ප්‍රමාණය ඉතාමත් වැදගත්. ලකුණු 400 ක්වත් පළමු ඉනිමේ ගත්තෙ නැතිනම් කිසිම සමාවක් නැහැ. අපි කාසියේ වාසිය දිනාගෙන බැට් කළේ පළමු දවස් තුනේම තණතීරුව හොඳ නිසා.’ යැයි චන්දිමාල් පවසයි.
ඉන්දියාවට පැමිණෙන විට විශාල බලාපොරොත්ත සංඛ්‍යාවක් පොදි බැදගෙන තමා පැමිණි බවත් එම බලාපොරොත්තු කඩවීමෙන් තමා නායකයා ලෙස දැඩි කණගාටුවට පත්වන බවත් චන්දිමාල් පවසයි.