ඉන්දියාව දිනවන්න කෝලිලා ගණන් වැඩි කරයි

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කරදෙන ලෙස ඉල්ලා වත්මන් නායක විරාට් කෝලි සහ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානු ක්‍රිකට් ආයතන නිලධාරීන් හමුවීමට තීරණය කොට තිබේ.
ඉන්දියානු ක්‍රිකට් ප්‍රධාන විධායකවරයා හමුවී සාකච්ඡා කිරීමට විරාට් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනි ඉල්ලා සිටි බවත් අදාළ සාකච්ඡාව ඉන්දියානු කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය යෑමට පෙර අවශ්‍ය බවත් ඉල්ලා සිටි බව ඉන්දියානු ක්‍රිකට් ප්‍රධානියකු පවසා තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන මස 2 වැනිදා දිල්ලි නුවරදී ආරම්භ වන ටෙස්ට් තරගය අතරතුර හෝ ඊට පෙර අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්දියානු ක්‍රීඩකයන් සිය ගාස්තු ඉහළ දැමීම පිළිබඳව යෝජනාව ගෙන ඒමට පෙරම ඔවුන්ගේ ගාස්තු ඉහළ දැමීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර ඇති අතර කන්තා ක්‍රීඩිකාවන්ටද වැටුප් වැඩි කිරීමට අවධාය යොමුව තිබේ.
ඉන්දියානු ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන් අතර තිබූ කොන්ත්‍රාත්තුව ඉකුත් සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වේ. අවසන් වරට පැවැති කී්‍රඩක කොන්ත්‍රාත්තුවේදී ‘ඒ’ කාණ්ඩයට අයත් ක්‍රීඩකයන්ට වසරකට ඉන්දියන් රුපියල් කෝටි දෙකක්ද, ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩකයකු වසරකට රුපියල් කෝටියක් සහ ‘සී’ කාණ්ඩයේ ක්‍රීඩකයකු ලක‍ෂණ පනහක්ද වසරකට ගෙවනු ලැබේ.
විරාට් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නව ඉල්ලීම අනූව ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩකයකුට වසරකට කෝටි හතරක් සහ ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩකයකුට වසරකට කෝටි තුනක් වශයෙන් වැඩි කරන ඉල්ලීම කිරීමට නියමිතය.