ඉන්දියාවේ ‘සී’ කණ්ඩායමක් ආවත් ශ‍්‍රී ලංකාව පරාජය කළ හැකියි – කම්රන් අක්මාල් කියයි

එළැඹෙන ඉන්දියානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයේදී ඉන්දියානු ‘සී’ කණ්ඩායම පැමිණියද ශ‍්‍රී ලංකව පරාජය කර දැමීමට හැකියාවක් ඇතැයි පාකිස්තාන් ක‍්‍රිකට් ක‍්‍රීඩක කම්රන් අක්මාල් පවසයි. පාකිස්තානයේ යූ ඩියුබ් නාලිකාවක් සමග පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පවසා සිටියේය.
බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලියේදීද අන්ත පරාජයකට පත්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අතිශය දුර්වල තත්ත්වයකට ඇඳ වැටී ඇතැයි අක්මාල් වැඩිදුරටත් පවසයි.
ඉන්දියානු දෙවන පෙළ කණ්ඩායමක් බොහෝ දුරට ශ‍්‍රී ලංකාව සමග තරගාවලියට සහභාගි වනු ඇතැයි මේ වන විට ආරංචි පැතිර යයි. ඊට හේතුව ඉන්දියානු කණ්ඩායම අදාළ කාල සීමාවේදී එංගලන්තයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතව ඇති බැවිනි.