මිකීගේ යක්කු වැඩ කරයි

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ධාකා හී පැවැති තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාව අද (28 දා* ලකුණු 97 ක ජයක් ලැබුවද තරගාවලිය 2-/1 ක් වශයෙන් පරාජයට පත්විය.
පළමු තරග දෙකම පරාජය වූ ශ‍්‍රී ලංකාව අද තරගය ජය ගනු ඇතැයි ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසා සිටියේ අද යක්කු පිටියට එන බවයි.
පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර පනහ අවසනදී කඩුලූ හයක් දැවී ලකුණු 286 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස සත්කාරකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 189 ක් පමණි. කෙසේ වෙතත් නායකත්වයේ වගකීම හිසමත තබාගත් කුසල් පෙරේරා සිය එක්දින ක‍්‍රිකට් දිවියේ හත්වැනි ශතකය ලබා ගනිමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයේ පෙරගමන්කරුවා විය. ඔහු පන්දු 163 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 122 ක් ලබා ගත්තේය. ඊට අමතරව ධනංජය ද සිල්වා මැද පෙළින් නැංගුරම් දමමින් පන්දු 70 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 55 ක් ලැබීය.
බංග්ලාදේශ ඉනිම හකුළා දැමීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 16 කට කඩුලූ පහක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබද්දී තරගාවලියේ වීරයා වශයෙන් මුෂ්ෆිකර් රහීම් සම්මාන ලැබීය.
ලකුණු තත්ත්වය
ශ‍්‍රී ලංකා පන්දුවාර 50 කදී කඩුලූ 6ට ලකුණු 286 යි. (ධනුෂ්ක ගුණතිලක 39, කුසල් පෙරේරා 120, පැතුම් නිශ්ශංක 00, කුසල් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා නොදැවී 55, නිරෝෂන් දික්වැල්ල 07, වනිඳු හසරංග 18, ටස්කින් අහමඞ් 46/4 යි.*
බංග්ලාදේශ පන්දුවාර 42.3 කදී සියල්ල දැවී ලකුණු 189 යි. (ටමීම් ඉක්බාල් 17, මුෂ්ෆිකර් රහීම් 28, මොසාදික් හොසේන් 51, මහමුදුල්හා 53, දුෂ්මන්ත චමීර 16/5, බිනුර ප‍්‍රනාන්දු 33/1, වනිඳු හසරංග 47/2, රමේෂ් මෙන්ඩි් 40/2 යි.*