හිටපු දඟයා අලූත් දඟයාට එල්.පී.එල්. පවාදෙන්න කියයි

එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම නියෝජනය කරන දේශීය යොවුන් ක‍්‍රීඩකයකුට තරග පාවාදීම් සම්බන්ධව කළ යෝජනාවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දුෂණ විමර්ෂණ ඒකකයට වාර්තා කර තිබෙන අතර එම යෝජනාව කර ඇත්තේ හිටපු දඟ පන්දු යවන්නෙකි.
ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක‍්‍රීඩකයකු විසින් 24 හැවිරිදි යොවුන් ක‍්‍රීඩකයකු අදාළ යෝජනාව කර ඇති බවයි. එම සිද්ධියේ සත්‍යතාව සහ නම් හෙළි කිරීමට අදාළ වගකිව යුතු පාර්ශ්ශව අකමැති වුවද එම යෝජනාව කර ඇති ක‍්‍රීඩකයා දඟ පන්දු යවන්නකු වශයෙන් කටයුතු කර ඇති අතර විදෙස් ටී 10 තරගාවලියකටද සහභාගි වූ ක‍්‍රීඩකයෙකි. පැමිණිල්ල කර ඇති ක‍්‍රීඩකයා කොළඹ කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු දකුණත් පිට දඟ පන්දු යවන්නෙක් මෙන්ම එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරයි.