17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තම ස්ථානය තහවුරු කරගත් ප්‍රංශය

වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රංශය සමත් විය.

ඒ අනුව එම වටයේදී ඔවුන් බ්‍රසීලය සමඟ තරග වැදීමට නියමිතයි.

බ්‍රසීලයේ පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් ඊයේ පැවැත්වුණේ ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතරයි.

තරගයේ පළමු අර්ධයේ 9වන මිනිත්තුවේදී ස්පාඤ්ඤය සිය පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ පෙරමුණ හිමි කරගත්තේය.

නමුත් ඉන්පසු  ක්‍රියාත්මක වූ ප්‍රංශය  තරගයේ පාලනය තමන් සතු කරගනිමින් පළමු අර්ධයේදී ගෝල 3ක් වාර්තා කළා.

දෙවන අර්ධයේදීද ස්පාඤ්ඤයට අවස්ථාවක් ලබා නොදුන් ප්‍රංශය එම අර්ධයේදී රැස් කළ ගෝල සංඛ්‍යාව 3ක්.

ඒ අනුව ගෝල 6 ට 1 ක් ලෙස තරගයේ ජය හිමි කරගනිමින් අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රංශය සමත් වුණා.

ප්‍රංශය මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගත්තේ 2001 වසරෙන් පසුවයි.

ඔවුන් අවසන් පූර්ව වටයේදී බ්‍රසීලය සමඟ තරග වදිනවා.