ඉන්දියාවේ ලක්නව් හිදී ඊයේ පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් ඇෆ්ගනිස්ථානය පරදවා කඩුලු 5ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත් වුණා.
ඇෆ්ගනිස්ථානය සිය පන්දු වාර 50 තුළ දී කඩුලු 7ක් දැවී ලකුණු 249ක් රැස් කළ අතර,කොඳෙව්වන් 49 වන පන්දු වාරයේදී කඩුලු 5ක් දැවී ලකුණු 253ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
මේ අනුව තරගාවලියේ ජය තුනට බිංදුවක් ලෙස හිමිවන්නේද කොදෙව්වන්ටයි.
Advertisement
