පසිඳුගේ ප්‍රහාරයෙන් සිරිකුරුස විදුහලට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මඟින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ “එච්” කාණ්ඩයේ කළුතර සිරි කුරුස විදුහල හා කැලණිය ධර්මාලෝක විද්‍යාලය අතර පැවැති තරගයෙන් කඩුළු 10 ක ජයක් ලැබීමට කළුතර සිරි කුරුස විදුහල සමත් විය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වු බැවින් පැරබෝලා ක්‍රමවේදයට අනුව ජයග්‍රාහකයා තීරණය කරනු ලැබීය.

පසිඳු විමංස  කළුතර සිරිකුරුස විදුහල වෙනුවෙන් විශිෂ්ට පිති ප්‍රහාරයක් (නොදැවී 70) දියත් කිරීමට සමත් විය.

කැළණිය ධර්මාලෝක විද්‍යාලය පන්දුවාර 41 කදී සියලු දෙනා දැවී ලකුණු 149
( තිමිර මිකාශන 26, හශේන් ශ්‍යාමල් 24, පන්දු යැවීම – තනුක ටෙරාන් 20 /3, හංසජ බ්‍රයන් 31/3, රෙෂාන් සිල්වා 26/2)

කළුතර සිරිකුරුස විදුහල පන්දුවාර
25.1කදී කිසිවකු නොදැවී ලකුණු 132 (පසිඳු විමංස නොදැවී 70 , තනුක ටෙරාන් නොදැවී 42)