ඉම්රාන් ඛාන්ගේ සතුට අසන්තට සහ රොමේෂ් කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වසර දහයකට පසුව පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් වත්මන් පාකිස්තාන් අග‍්‍රාමාත්‍ය සහ හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකරු අසන්ත ද මෙල් සහ සහය පුහුණුකරු වන රොමේෂ් රත්නායකට ස්තුති කර තිබේ.
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පින්ඩි හී ආරම්භ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වීමෙන් පසුව ඉම්රාන් ඛාන් විසින් අසන්ත ද මෙල්ව සහ රොමේෂ් රත්නායකව සිය නිල නිවසට ගෙන්වා ගනිමින් මෙම විශේෂ ස්තුතිය පුදකර ඇති අතර එහිදී ආගිය තොරතුරුද කතා කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සහ ශ‍්‍රී ලංකාව දක්වන සහයෝගය සම්බන්ධයෙන්ද ඉම්රාන් ඛාන් දීර්ඝ වශයෙන් අදහස් දක්වා තිබේ.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන් මහ කොමසාරිස් සහීද් නූර්දීන් මහතාද එක් විය.