දිමුත්ගේ විශ්වාසය දික්වැල්ල සහ ධනංජය දෙසට

දිමුත්ගේ විශ්වාසය දික්වැල්ල සහ ධනංජය දෙසට
පාකිස්තානය සමග රාවල්පින්ඩි හී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය පන්දුවාර 68.1 කට දීමා විය. තරගය නවතා දමන විට ශ‍්‍රී ලංකාව ලකුණු 202 කට කඩුලූ පහක් දැවී ගොස් තිබූ අතර ශ‍්‍රී ලංකා නායක දිමුත්ගේ විශ්වාසය නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා දෙසට යොමුව තිබේ.
‘‘මම දැවී ගියාට පස්සෙ පාකිස්තාන් පන්දු යවන්නන් පීඩනයක් එල්ල කළා. අපේ අතින් පොඩි පොඩි වැරදි වුණ නිසා තමයි ඔවුන් අපේ පිතිකරුවන්ට පීඩනය එල්ල කරන්න ගත්තෙ. ඇත්තටම තණතීරුවේ බැට් කරන්න අමාරු නැහැ. ලකුණු ලබා ගන්න පුළුවන් තණතීරුවක් මේක.’’
කෙසේ වෙතත් පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරිව සිටින නම් දැරූ පිතිකරුවන් යුගල වන ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ගැන ශ‍්‍රී ලංකා නායකයා මහත් විශ්වාසයකින් පසුවේ.
‘‘ධනංජය සහ දික්වැල්ල දෙන්නම ඔවුන්ගෙ ක‍්‍රිකට් දිවිය ආරම්භ කළේ මුල් පෙළ පිතිකරුවන් විදිහට. මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔවුන් අපේ පළමු ඉනිම ලකුණු 350 කට එහාට ගෙනියයි කියලා. කොහොමද් ලකුණු 275 කට වැඩිය ලබාගත යුතුයි. පාකිස්තාන් පන්දු යවන්නන් හොඳින් පන්දු යවනවා. නමුත් එක ලග කඩුලූ වැටීමෙන් තමයි ඔවුන් පීඩනය එල්ල කරන්න ගත්තෙ.’’
පළමු වරට දිමුත්ගේ ආරම්භක සගයා වු ඕෂධ ප‍්‍රනාන්දු අත්දැකීම් අතින් සන්නද්ධ වන විට හොඳ ආරම්භක පිතිකරුවක වේවි යැයිද දිමුත් පවසයි.
‘‘මටත් වැඩිය හොඳට ඕෂධ ප‍්‍රනාන්දු මේ තරගයේදී බැට් කළා. ඔහු ක‍්‍රීඩා කරන්නෙ තවම තුන්වැනි ටෙස්ට් තරගය. පළමු පෙළ තරගවල ඉදලා ඕෂධ බලන්නෙ ටිකක් වේගයෙන් ලකුණු ගන්න. නමුත් මේ තරගයේදී ආරම්භක පිතිකරුවා විදිහට ඇවිල්ලා ඔහු ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඉදිරියේදී අත්දැකීම් එන විට ඔහු හොඳ ආරම්භක පිතිකරුවකු වේවි. මුල ඉදලම ඔහු විශ්වාසයෙන් බැට් කර නිසා තමයි පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් වුණේ.’’

 

ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකාව
දිමුත් කරුණාරත්න ක.මු.කළා ප.අෆ්රීඩි 59
ඕෂධ ප‍්‍රනාන්දු ඇ.හැරිස් ප.නසීම් 40
කුසල් මෙන්ඩිස් ඇ.රිස්වාන් ප.උස්මාන් 10
ඇන්ජලෝ මැතිව්ස් ඇ.සාෆික් ප.නසීම් 31
දිනේෂ් චන්දිමාල් ප.අබ්බාස් 02
ධනංජය ද සිල්වා නොදැවී 38
නිරෝෂන් දික්වැල්ල නොදැවි 11
අතිරේක 11
එකතුව පන්දුවාර 68.1 කදී කඩුලූ 5ට ලකුණු 202
කඩුලූ වැටීම – 1-96, 2-109, 3-120, 4-127, 5-189
පන්දු යැවීම
අබ්බාස් -20.1 7 50 1 අෆ්රීඩි – 16 6 37 1
උස්මාන් – 14 4 47 1 නසීම් ෂා – 16 4 47 1
හැරිස් – 1 0 9 0 ෂේන් මෂූඞ් – 1 1 0 0